" මොකෝ බන් අවුලෙන් වගේ... ආ යෙත් නැන්දා බැන්නද...??? "" උබේ නැන්දා මට බනින්නෙ නැති දවසක් තියෙද බන්... කෙහෙල් මල, මට මුළු ජීවිතේම එපා වෙලා තියෙන්නෙ... "
" එපා වෙන්න හේතුව මොකද්ද කියලා කියල ඉදහන්කො බන්... "
" ගෙදර ඉන්නකොට බත් කටක් කෑවත් බනිනවා... ඉතින් මම රස්සාවක් හොයන්න කිවුවා. මේ මනුස්සයා හොයලා තියෙන්නෙ මගුලක්... ඒකත් ළමයෙක් ඉන්න අවුරුදු තිස් ගානක මනුස්සයෙක්..."
" යකෝ... නැන්දත් කරන්නෙ මාර වැඩනෙ... ඉතින් උබ කැමති වුනාද...? "
" කැමති වෙන්නත් බෑ නොවීත් බෑ... ඒ මනුස්සයා කියලා තියෙන්නෙ ටික කාලෙකට එයාගෙ ළමයව බලාගන්න මට එයාගෙ wife වගේ ඉන්න කියලා... ඒ වෙනුවෙන් මට හොඳට සලකනවා කියලා... ඒත් බන් මගේ ජීවිතේ හොඳම කාලෙ සල්ලිවලට යට කරන්න බෑ... එහෙම කියලා මේ ගෙදරට වෙලා ඉන්නත් බෑ... "
" මේ අහපන්කො... දැන් ඕක බොරු කසාදයක් නම් මුකුත් ප්‍රශ්නයක් නෑ නෙ... අනික මේ පුංචි ගමක වේලක් කන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැරි අපිට රුපියලත් කෝටියක් නෙ බන්... උබට හම්බුන ඔය අවස්තාව අත අරින්න එපා කෙල්ලෙ... "
" ම්ම්ම් බලමුකො... "
" බලන්න දෙයක් නෑ ඕකට කැමති වෙයන්... අපිත් කැමති උබට හොඳක් වෙනවා බලන්න... "
'අකමැති වුනත් කරන්නම වෙනවා...' මේ වචන ටික ඔළුවෙ තියන් පැය ගානක් බිත්තිය දිහා බලන් මම කල්පනා කරා... කවදාවත් ගෙදරින් පිට දවසක්වත් ඉදපු නැති මට එච්චර දුරකට යන්න වෙනවා කියන එක දරාගන්න පුලුවන් දෙයක් නෙවේ... ඒත් නංගිට උගන්නන්න අම්මව බලාගන්න හැම වගකීමක්ම එන්නෙ මගේ අතට... අවුවට වේලුන අපිත් ආසයි වැස්සකට තෙමෙන්න... හැබැයි අපිට වැස්සොත් මල් වැහි විතරයි... මම මේ පැය ගානක්ම හිතුවත් ගන්න තියෙන්නෙ කැමති වෙනවා කියන තීරණය විතරයි. ඒ හැම තත්පරේකම මම ප්‍රාර්ථනා කරේ කිසිම මනුස්සයෙක් සල්ලි ඉස්සරහා අසරණ වෙන්න එපා කියන එක. නොදැනම වෙලාවත් ගත වෙලා... අම්මා කන්න කතා කරනවා මට ඇහුනා... ඇඳෙන් නැගිටින්න හදද්දිම නාදුනන නම්බරයකින් Call එකක් ආවා... මම phone එක අතට ගත්තෙ කතා කරනවද නැද්ද කියන සැකෙන්... ඒ අස්සෙම අම්මා කෑ ගහන්න ගත්තා... " පුතේ අර මහත්තයා call එකක් ගන්නවා කිවුවා... පොඩ්ඩක් බලලා කතා කරපන්." එතකොටත් මම Phone එක Answer කරලා ඉවරයි.
YOU ARE READING
|| අසම්මත || 𝐍𝐨𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 || 𝐆𝐋 || Ongoing ||
Non-Fictionළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය.. පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.. නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.. ආදරේ කියන්නෙ හැමෝටම දැනෙන හැඟීමක්.... ඒකට කවදාවත් සීමා...