12 කොටස

990 249 295
                                    

නිලම්ඹරේ 🕊
12 කොටස

රුසිත්ගෙ තාත්තා හිටියේ පුදුමයෙක් කියලා ඒ මූණ දැක්කහම කියන්න පුළුවන් වුනා.. මොකද මෙච්චර වෙලා මයුරුට ඕන වුනේ කකුල කඩන්න හදපු එකාගෙන් රුසිත් සමාවගන්න එක වෙද්දි හැබැයි මේ පාර දෙන්නෙක්ගෙන්ම.. ඒකත් මේ තර්ජනය කරලා බනින හිච්චි මන්ත්‍රීතුමාගෙන්..

මට නම් තේරිලා තිබ්බෙ මයුරු මොකක් නිසාද එහෙම කිව්වේ කියලා.. එයා මාවත් විශ්වාස කරලා කිව්ව දේ.. රුසිත් එයාට කරන්න හදපු දේ.. මට එදා රිච්මන්ඩ් හාදයා ස්ටෑන්ඩ් එකේ මුල්ලකට වෙලා අඩපු හැටි මැවිලා පෙනෙද්දි අත මිටමොලවන් හුස්මක් පිට කලා..

" මයුරු පුතා.. මොන එහෙකටද අපේ ළමයා ඔයාගෙනුත් සමාවගන්නෙ..! මෙතන ප්‍රශ්න දිග්ගස්සන්නෙ ඇයි..? "

අනේ අනේ ඉතින් මුකුත් නොදන්න අධිකාරි මහත්තයා තප්පුලනවා.. මං ඇස්කොනින් බැලුවෙ රුසිත් දිහා වෙද්දි ඌ මයුරු දිහා බලාගෙන හිටියා.. නිකන් නෙවෙයි මිනිහා ටිකක් සුදුමැලි ත් වෙලාද මන්දා..

ඇත්තනෙ ඉතින් මයුරු ඕක කියයි කියලා හිතන්න නැති වෙන්න ඇති.. තාම කිව්වේ නෑ රුසිත්.. ඒ නිසා මගෙන් නැතත් උබ කරන්න හදපු බලු වැඩේට මයුරුගෙන් සමාව ගනින්..!

" කවුද ප්‍රශ්න දිග්ගැස්සුවේ මිස්ටර් අධිකාරි..? ගොඩින් බේරගන්න හින්දා නෙවේද පොලීසියට ඇවිත් සාමකාමී වෙමු කිව්වේ..? දිග්ගස්සන ඕන නම් උසාවි යනවා.."

" එහෙමද එහෙනම් උසාවි ගිහින් බලමු.."

ඒ ලොකුකම.. රුසිත්ගෙ තාත්තාට තමන්ගෙ පුතාගෙ වරද පෙනුනෙ නෑ.. ඒකටත් හරියන්න මයුරුගෙ වචන නිසා ලොකුකම පෙන්නන්න හැදුවා.. සල්ලිකාරකම.. පොලීසිය වුනත් ඒ වචන වලට නැවෙන්නේ ඒකයි..

මෙතන මයුරු නැතුව වෙන කොල්ලෙක් හිටියා නම් පොලීසිය ගනන් ගන්නෙ වත් නෑ අපිව.. එහෙම වුනා නම් මිස්ටර් අධිකාරිට ඕන දේවල් කරලා රුසිත්ගෙ සමාවක් තියා වචනයක් වත් නැතුව අපිව දොට්ට දායි.. සල්ලි වලට බලයට හැමදේම යටයි.

නිලම්ඹරේ ( Ong )Where stories live. Discover now