නිලම්ඹරේ 🕊
14 කොටසතඩි චොක්ලට් පැල්ලමක්..! සුදු පාට ෂර්ට් එකේ මැද හරියෙම අයිස්ක්‍රීම් පැල්ලම හිටලා තියෙද්දි මං වොෂ්රූම් එක දිහාවට ඇවිදගෙන ගියෙ සාක්කුවෙ තිබ්බ ලේන්සුව අරන් එතන පිහදනගමන්.. යාන්තමට තිබ්බ එක වැඩි වුනාද මන්දා.. ඒත් මගෙ ඇස් හෙව්වේ වෙන කෙනෙක්ව..
" ස්...ස්.. මෙහේ... "
නයි පැටියෙක් සූ ගෑවා මට.. මගෙ ඇස් වොෂ්රූම් එකට හැරෙන තැන බිත්තිය දිහාවට හැරෙද්දි ලොකූ වරදක් කරපු පුංචි එකෙක් වගේ මයුරුගෙ ඇස් තිබ්බෙ චොක්ලට් පැල්ලම ගාව.. මං එයා ගාවට ඇවිදගෙන ගියා..
" මොකක්ද කරන්න හදන්නෙ.. මං ගෙදර ගිහින් හෝදගන්නම්.."
මාවත් ඇදගෙන වොෂින් බේසින් එක ගාවට ගිය මයුරු ටිෂූ එකක් තෙම තෙමා පැල්ලම යවන්න හදනවා.. දිවත් හපාගෙන ලොකු මෙහෙයුමක එයා.. මගෙ ඇස් නම් පිහදාන පැල්ලම දිහාට වෙනුවට එයාගෙ මූණ දිහාවට හැරිලා තිබ්බා.. එයාගෙ කම්මුලේ ඊයේ චූටි පිම්පල් එකක් තිබ්බා.. කෝ දැන් ඒක නෑනෙ..
" එක විදිහකට ඉන්නකෝ අරලිය.. හෙලවෙන්නෙ.."
" කවුද හෙලවුනේ.."
ඒකනේ.. පිස්සුද මන්දා.. එයා මාව බිත්තියට තද කරගෙන හිටියේ මං එක කකුලෙන් හිටගෙන.. පොඩ්ඩක් එහාටමෙහාට වැනෙනවා තමයි ඉතින්.. අනික් කකුල බිම නොතිබ්බෙ ඇයි කියලා මටම හිතාගන්න බෑ.. මං නිකන් මොණරකුඩුම්බිය මල් දැකලා අනතමනයෙන් වගේ..
" අනේ මේක යන්නෑ ළමයෝ.. වැඩි වුනාද මන්දා.."
" ඕන්නෑ.. ඒකනෙ මං කිව්වේ.. ගෙදර ගිහින් හෝදගන්නම්.."
වුනාද මන්දා නෙවෙයි වැඩි වෙලා.. ඒක නිකන් ගූ ගොඩක් වගේ.. වෙන එකෙක් මට ඔහොම කරා නම් උගෙ හක්කෙ දත් හොයාගන්න නැති වෙන්න තිබ්බා.. මයුරු නිසා මුකුත් කියන්නත් බෑ.. අනික එයා හිතලා කරේ නෑනෙ..
" අනේ අරලිය.. මං ඒක හිතලා කරේ නෑනෙ.. මට ඕන වුනේ එතනින් එ-"