18 කොටස

1.1K 250 213
                                    

නිලම්ඹරේ 🕊
18 කොටස

ආදරේ කියලා හිත පිලිගන්නට...
නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද..??

කාමරේ පොත් මේසේ ගාව වාඩි වෙලා හිටපු මගෙ අතේ තිබ්බෙ මොණර පිහාටුවක්.. කොල පාටයි නිල් පාටයි මුසු වෙච්ච ලස්සන මොණර පිහාටුවක්.. පාඩම් කරන්න කියලා ටියුට් එකක් පෙරලගත්තට මගෙ හිත එතන නෑ..

ඇත්තටම ආදරෙයි කියලා හිත පිලිගන්න නම් ඒ කෙනා තමන්ගෙ වෙන්න ඕනෙමද..,? ඊයේ රෑ මයුරුගෙ ප්ලේ ලිස්ට් එකෙන් ඇහුනට පස්සෙ මං ඒ ගැන සෑහෙන්න කල්පනා කරනවා.. ඇත්තටම ඒ වචන නම් පිස්සුවක්.. මොකද ඒවායෙ තිබ්බෙ ව්‍යංගයෙන් වුනත් අමු ඇත්ත..!

" මේ මටද මයුරු..? "

" ම්ම්..."

ගහ යට වැස්සට තෙමි තෙමි නිදාගෙන හිටපු මිනෝල්වත් ඇහැරවන් අපි ආපහු යන්නයි හැදුවෙ.. අපි තුන්දෙනාටම සෑහෙන්න මහන්සියි නොකිව්වට.. මිනෝල් අපි කතා කරලා ඉවර වෙනකන් මැදින් ඇඩ් දාන්න වත් ආවෙ නෑ හැබැයි ඉක්මනට වරෙන්කෝ මහන්සි නිදිමතයි ගගා රැගුවෙත් නෑ..  ඒ අතින් නම් ඌ ග්‍රේට් මිතුරෙක්..

" කොහෙන්ද මේ.. හොස්ටල් එකට මොණරු එනවද.."

" හොස්ටල් එකේ නම් ඉන්න එකම මොණරා මම..."

එයා අතින් කට වහගෙන හිනා වුනා.. හරිම හුරතල් පාටයි එහෙම හිනාවෙනකොට නම්.. ටිකක් එහායින් හිටපු මිනෝල්ටත් මේ විකාර ඇහෙද්දි ඌ කට තද කරගෙන උඩ බලාගෙන හිටියා..

" එතකොට මේ පිහාට්ට ඔයාගෙද චූටි.. ම්ම්ම් "

" මං කියන් නෑ පිහාට්ට.. දික්වැල්ලෙ ගෙදර වත්තට එනවා අනේ.. මං ඔය අහුලගත්ත එකක්.."

ආයෙමත් උඩ කාමරේට දුවලා ආව එයා ගෙනත් දීපු තෑග්ග තමයි මේ.. මොණර පිහාට්ටක්.. මයුරු.. එයත් ඉතින් නමේ හැටියට එක්තරා ආකාරෙක මොණරෙක් තමයි.. කළුවරේ හිටියත් බිල්ඩින් එක කෙලවරේ දාලා තිබ්බ ලයිට් එකෙන් මට එයාගෙ දිගටි ඇස් පෙනෙද්දි මොණර පිහාට්ට මං මයුරුගෙ මූණ හරහා ඇල්ලුවා..

නිලම්ඹරේ ( Ong )Where stories live. Discover now