නිලම්ඹරේ 🕊
17 කොටසපහල කාමර වල හැලහොල්මනක් නෑ.. ලයිට් එකක් නෑ..කටහඩක් නෑ මුකුත් නෑ.. අද සෙනසුරාදා නිසා ගොඩක් කොල්ලො හොස්ටල් වල නෑ.. ගෙවල් බලා පිටත් වෙලා.. ඒකත් වෙලාවටම හිටියා.. නැත්තං මේ අනුන්ගෙ හොස්ටල් වලට රිංගනවා දැකලා මාට්ටු වුනොත් නෝන්ඩියෙත් බෑ.. කාඩ් කුඩු..!
" ඒ.. දනිත්.. උබ කොහොමද සගෝ මෙච්චර හොදට ගස් නගින්න පුරුදු වුනේ..?! උබ රෑට රෑට හොර පොල් කඩන්න වත් යනවද.."
" රෑට රෑට ගියා පක්- මේ කටවහන් වරෙන්.. නැත්තං මං තොට කිව්වේ පහල ඉදන් මුර කරන්න නේද.."
" මං මුර බල්ලෙක් නෙවෙයි උට්ටෝ..."
කොහොඹ ගහ දිගේ උඩට නැග්ගෙ කොහොමද කියලා මට මතක නෑ.. මට පිටිපස්සෙන් ගහ දිගේ නගින මිනෝල්ගෙ සවුදම් කට ඇහෙද්දි පයින් පාරක් දීලා මූව බිමට දාන්න තරම් හිතුනා.. ඇයි යකෝ මූ හැමෝටම අගවනවා හොස්ටල් එකට හොරු පනිනවා කියලා..
තව ටික දුරයි.. ගහේ හරහර ගිය ලොකු අත්ත ගාවම තියන කාමරේ ජනේලේ ඇරලා තිබ්බා වගේම ලයිට් පත්තු වුනා.. යාන්තමට සද්දෙකුත් ඇහෙනවා.. ඒක අස්සෙ කොල්ලො පිරිලද දන්නෙත් නෑ.. ගහ යට ඉදලත් මයුරුට කෝල් කරා තාම ෆෝන් ඕෆ්.. මට කේන්තියි ඌට ගහන්න තරම්...
මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
හදවත පතුලේ යකු බෙර වැයුනේ
තම්දෙන තානේනෙ නා
අනෙ මගේ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානේනෙ තානේනෙ තානානේ" තම්දෙන තානේනෙ තානේනෙ තානානේ..!! "
ඇරුනු ජනේලෙ ඇතුලෙන් මහා සද්දෙට ඇහෙන සිංදුවට කන් දීගෙනම මං හරහට ගිය අත්ත හයියෙන් අල්ලගත්තා.. මිනෝලයා රිලවෙක් වගේ ගහා බදාගෙන මගෙ දිහා බලාගෙන හිටියා පහල ඉදන්..