1🥰 ස්වර තනුව - කැමති දේම වෙන්නේ නෑනේ

41 9 9
                                    



"හූ ...හූ මාව අම්ල ගම්න බැලේ"

"ර්ර්ර් .............. බෙයාට අවුනොතින් හප්නවා උයාව"

"තුත්තෝ ,මෙයා මට ඉම්මන දෙම්නේ නැනේ"

" ඔයාලත් එම්ක බැහැ මුකුම් කලම්න"

"හපම්න කලින් එයාව අම්ල ගම්න අලේ"

"අනේ බබී අලෙ නෙවෙයි එක අනේ"

"අලේ දෙකම එකයි හ්ම් .."

පුංචි පැටවූ ටිකක් හරි හරියට සෙල්ලම් කරනවා හැබැයි ඒ කාගෙවත් මුණ නම් පැහැදිලි නෑ හ්ම් ......... පුංචි කොලු පැටියෙක් චුටි කෙලි පැන්චියෙක් ගේ පස්සේ පන්නනවා . තව පුංචි පැන්චියෙක් උඩ පැන පැන අර දුවන පැටවූ දෙන්නා දිහා බලන් ඉන්නවා .අනෙක් පැටවුන්ට වඩා ටිකක් වයසින් වැඩි පිරිමි ළමයෙක් අර උඩ පැන පැන දගලන පුංචි පැංචි කියන වචන වල වැරදි හදනවා .හීනයක් උනත් මට හිතුනේ ඒ පුංචි පැංචා හරි පණ්ඩිත ඇති කියලා .

හීනයක් .............,

ඔව් හීනයක් අවුරුදු 11ක වගේ මට මතක ඇති කාලෙක ඉදන් මගේ නින්ද පැය කිහිපයකට පමණක් සිමා කරපු හීනයක් .හැමසැරේකම වගේ ඒ පුංචි පැටවූ සෙල්ලම් කරන තැනින් ඒ හීනෙ ඉවර වෙන්නේ හැමදාකම වගේ පාන්දර 3 ට .එතන ඉදන් කොච්චර නිදා ගන්න හැදුවත් නින්ද කියන එක අහලකටවත් එන්නේ නැති කොට ඒ හීනෙ තේරුම ගැන හිතුවා .

හැමදාම වගේ කොච්චර හෙව්වත් හිතුවත් කිසිම උත්තරයක් හොයාගන්න මට බැරි උන ප්‍රශ්න ගොඩටම එකත් දාලා මම නැගිට්ටේ මොනවහරි බඩට දාගන්න මොකද ඊයේ රෑ ආපු කෝල් එකට පින්සිද්ද වෙන්න මම දැන් ඉන්නේ යකෙක් කන්න තරම් බඩගින්නක .

හී ....... මගේ හීන ගැන කිව්වට මම ගැන කිව්වේ නෑ නේ , මම තමයි මිස්ටර් ජන්ග් වුශික් ගෙයි එයාගේ වයිෆි සන් යූනා ගෙයි සගවා තැබුණු ලද දූ පොඩ්ඩ ජන්ග් රුහානා ,තව අපේ පවුලේ මිනාරා යි ,යෝන්ජේ කියලයි අය්යෙකුයි නංගියෙකුයි හිටියත් අපි අතර වචන 100 වඩා කතා කරලා නැතුව ඇති. ඒ වගේම මම හිතන්නේ අපි අවුරුදු 06 කින් දැකලත් නෑ .එයාලා කොරියවල ඔම්මයි අප්පයි ගාව හැදෙන කොට මම හිටියේ U.S වල .

The Melody of destinyWhere stories live. Discover now