Chapter 8

95 25 2
                                    

.

Chapter 8

In the evening

Talent show එකේ second place දිනාගත්තු එකේ සතුටත් එක්කම ජිමින්,ටේහ්‍යුන්ග්,කුකී තුන්දෙනා ස්කූල් එකෙන් එලියට එද්දි හවස තුනත් පහුවෙලයි තිබුණේ.ජිමින්ගේ හිතේ සතුට විතරක්ම පිරිලා තියෙද්දි අනික් දෙන්නගේ හිත් වලනම් පිරිලා තිබුනේ කියාගන්න බැරි දුකක්. ටේහ්‍යුන්ග් තමන්ගේ හැම වේදනාවක්ම හංඟගෙන කුකීඑක්ක හොදින් කතාබහ කරමින් හිටියත් තමන් අතින් ටේට මොනයම් විදිහක හෝ වැරැද්දක් උනාදෝ කියන කලකිරීම කුකී ගේ හිතේ වගේ මූණෙත් තදින්ම ඇදිලා තිබුණා.ඒනිසාමද කොහෙදෝ කුකී ටේව මගාරින්න උත්සාහ කලා.

මවාගත්තු සිනහවකින් ටේයි කුකීයි දෙන්නම ජිමින් එක්ක ටේගේ ගෙදර ගාවටම ආවා.

"එහෙනම් මං දැන් යන්නම් ටේ.. හවස ආයේ එන්නත් එපැයි.. කුකී.. ඔයා එනවද යන්න..?"

කුකීගෙන් වෙන්වෙන්න ටේ ගේ හිත අකැමැති උනත් එයාට කුකීව නවත්තගන්න පුලුවන්කමක් තිබ්බේ නෑ.ජිමින් එහෙම ඇහුවම ටේ හොරැහින් බැලුවේ කුකී මොනා කියයිද කියලයි..මොකද වෙනදානම් ටේ එක්ක ටික වෙලාවක් ඉදලයි කුකී ගෙදර යන්නේ.

"නෑ ජිමින්..මං දවස් කීපෙකට ටේ එක්ක මෙහෙ නවතිනවා.."

"ඇහ්..?"

"මොකද බය වෙලා..අපේ ඔම්මයි අප්පයි පොඩි වැඩකට සෝල් වලින් පිටගියා.මේ talent show එක නිසයි මං නැවතුනේ..එයාලා එන්න දවස් කීපයක් යන නිසා මට ටේ එක්ක ඉන්න කිව්වා.. කමක් නෑනේ හ්‍යුන්ග්?"

කුකී කටපාඩම් කලාවගේ එහෙම කියවගෙන කියවගෙන ගිහින් අන්තිමට ටේ ගෙන් ඇහුවේ ඇහිබැමකුත් උස්සගෙනමයි.

"අහ්..අනේ ඕක මොකක්ද කූ.. ඔම්මලා එනකන් මෙහෙ ඉන්න..ගෙදර තනියම ඉන්න එපා.."

"ම්ම් හාකො හාකො.. එහෙනම් මං යනව ඈ.. ආ මේ.. ඔහේලා දෙන්නා හරියටම 5.30 වෙද්දි ලෑස්තිවෙලා ඉන්න ඕනේ..මං හරියටම එවෙලෙට මෙතනට එනවා..හරිනේ..?"

ස්කූල් එකේ ළමයි වෙනුවෙන් organize කරලා තිබුණු party එකට හය වෙද්දිවත් යාගන්න ඕන නිසා පහ හමාර වෙද්දි ලෑස්ති වෙලා ඉන්න කියලා දෙන්නට තර්ජනේ කරන ගමන් ජිමින් එයාලට සමුදීලා එයාගේ ගෙදරට ගියා.ජිමින් යනදිහා හිස්බැල්මකින් බලන් හිටපු කුකී බර හුස්මක් පාත දාලම මුකුත් නොකියා ගෙදර ඇතුලට ගියේ එයාට මගෑරගන්න ඕන මනුස්සයා එක්ක එක වහලක් යට දවස් කීපයක් ඉන්න වෙන එකට සතුටින් වගේම අවුලෙන්..කුකීට ලැජ්ජ හිතුනා ටේට මුහුණ දෙන්න. ටේ ත් මුකුත් නොකියම කුකී පස්සෙන් ගේ ඇතුලට ගිහින් දොර වහගත්තේ මේ වෙලාවේ ඒ දෙන්නා විතරක් ඒ ගෙදර ඇතුලේ තනිවෙද්දියි.

Unacceptable Love - TaekookWhere stories live. Discover now