.
Chapter 7
"මං..මං ඔයාට ආදරෙයි"
"මාත් ඔයාට ආදරෙයි හ්‍යුන්ගී.."
"නෑ කූ..නෑ..ඒක..ඒක එහෙම ආදරයක් නෙමෙයි.."
"එහෙනම් කොහොම ආදරයක්ද"
"ජන්කුකී..මගේ මැණික..මට බෑ තවත් මේක හන්ගන්න ඉන්න මගේ මැනික..
මං දන්නවා ඔයාට මාව ඔයාගෙම හ්‍යුන්ග් කෙනෙක් වගේ කියලා.ඒත් සහෝදරත්වයට වඩා එහා ගිය හැඟීමක් මට ඔයාගැන තියෙනවා කූ.. ඒක සහෝදර ආදරය නෙමෙයි.. ඒක යාලුවො අතර තියන ආදරෙත් නෙමෙයි.. ඒක..ඒක කොල්ලෙක් කෙල්ලෙක්ට කරන විදිහේ ආදරයක්..ඔව් මගේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම.. ඒක ආදරයක් මගේ කුකී..ඒක ආදරයක්.. මට කියන්න..? මට කියන්න මේ අවුරුදු දෙකට ඔයාට මං ගැන එහෙම හැඟීමක් ඇතිවෙලා නැද්ද කුකී..?""හ්‍යු..හ්‍යුන්ග් මම...."
~
එළියට පනින්න තරම් වේගෙන් ගැහෙන (අ)සම්මත ආදරයක පැටළුණු හදවත් හි රිද්මයම පමණක් නිහඬ පන්තිකාමරය පුරා පැතිරිනුත් ;එය බිදමින් මිනිත්තු කිහිපයකට පසු ගැඹුරු නමුත් ආදරණීය කටහඩකින් පන්ති කාමරය පිරීගියා..
"කු..කුකී ඔයාට දැන්මම මට උත්තරයක් දෙන්න බැරි~ "
"හ්‍යුන්ග් ඔයා මේ ඇත්තමද කියන්නේ?"
ටේහ්‍යුන්ග් තමන්ගේ වචන ගිලගත්තේ එයාගේ සුරදූතයා තමන්ගේ හඬ අවදි කල නිසයි.
කනට ඇහෙන නෑහෙන ගානේ ස්වරයකින් මුමුණපු කුකී ටේහ්‍යුන්ග් දිහා බලන්න පොඩ්ඩක්වත් මහන්සි උනේ නෑ."හ්ම්ම්.. මට සමාවෙන්න කුකී.."
"කොච්චර කාලයක්ද?"
"කු..කුකී මං..~"
"මං ඇහුවෙ කොච්චර කාලයක්ද කියලා ටේහ්‍යුන්ග්..!?"
තමන්ගේ නම කියලම කතාකරන ගමන් කවදාවත් නැති විදිහට කුකී පන්තිකාමරයම දෙදරන්න තරම් හයියෙන් කෑගැහුවම ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියා.. එයාගේ හදවත හුගක් රිදෙන්න ගත්තා කුකීගේ හැසිරීම මත.කුකී හිටියේ ඒතරම් හොද මානසිකත්වයකින් නෙවෙයි..එයා හුගක් ශොක් උනා..හුගක්.. කුකීගේ ඇස් වලින් කඳුළු බිංදු පවා ගලන්න පටන් අරගෙනයි තිබුණේ.
YOU ARE READING
Unacceptable Love - Taekook
FanfictionUnacceptable Love Taekook Top tae Bottom kook Highschool love Sweet Language