Chapter 9
ඒ එක්කම කුකී තමන්ගේ එක ඇගිල්ලක් පාවිච්චි කරලා ටේගේ මූන උඩට ඉස්සුවේ ඊලග මොහොතේ මීට විනාඩි කීපයකට කලින් මේසය මත තිබුණ මත් වතුරේ රස ටේගේ තොල් වලට දැනෙන්න දීලයි.
"ඔයා.."
කුකී මුමුණන විදිහ ටේට දැනුණා..
ටේ හිටියේ ලෝක කීපයක් අතර තනිවෙලා.කුකීගේ මේ හැසිරීම වගේම එවෙලේ කුකී කියපු දේවල් ටේව හුඟක් නොසන්සුන් කලා. ටේගේ උකුල උඩ ඉදන් ටේගේ තොල් සමග සෙල්ලම් කල කුකීට ටේගේන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන කිව්ව දෙයින් ටේගේ හදවත ආයේ වේගෙන් ගැහෙන්න ගත්තා.
"එදා රෑ මාව කිස් කරපු ඔයා කිස් එකකට රිඇක්ට් කරන්න දන්නෑ කිව්වම හරි පුදුමයි හ්‍යුන්ග්.."
කුකී හිටියේ පොඩ්ඩක්වත් හොදසිහියක නෙවෙයි.එයා හිටියේ මත්වෙලා.අවට එකිනෙකාගේ උනුහුමේ ගුලිවෙමින් හැඟීම් හුවමාරු කරගන්නා ආදරනීය ජෝඩු දැක්කම මත් උනු කුකීගේ හිත පාලනයෙන් මිදෙන්න ඇති.
ටිකෙන් ටික ටේගේ තොල් වලින් ඉවත් වුණු කුකී හෙමින් පාත් වුනේ ටේගේ සංවේදිම තැනක් උනු ගෙලපාමුලට. තෙත් වෙච්ච තොල් වලින් සිනිදුවට හාදු වැස්සක් ටේගේ ගෙලමුලින් තිව්ව කුකීගේ පහසින් ටේ උනත් ටිකෙන් ටික මත්වෙන්න ගත්තා.
අවුරුදු ගානක තමන්ගේ ආදරේ තමන්ව මේ විදිහට ස්පර්ශ කරද්දින් එයා ඉවසන්නේ කොහොමද? නමුත් ටේ එකම මොහොතකදිවත් කුකීව ස්පර්ශ කලේ නෑ. බැරිවෙලාවත් කුකී මේවා කරන්නේ මත් බව විතරක් නිසා නම් ටේට කුකීව අල්ලන්න අයිතියක් නැතිබව ටේගේ හිත කීවා.
තවත් ඉවසන්න බැරිම තැන ටෙ වේගෙන් හුස්ම ඉහල පහල දාන ගමන් කුකීව තමන්ගෙන් ඈත් කරලා ඉක්මනින් පපුවට තුරුලුකරගත්තේ මුකුත් නොකළ පොඩි එකෙක් වගේ කුකිත් ටේට ගුලිවෙද්දියි.
තමන්ගෙම ඇගිල්ලක් හපහප කල්පනා ලෝකෙක තනිවුනු ටේහ්‍යුන්ග් ගේ හිත සතුටින් වගේම දුකකින් පිරිලා තිබුනා.මේ සිද්ධ වෙච්ච දේවල් ඇත්තක් කියලා හිතලා ටේ සතුටුවෙද්දින් අනික් අතට ටේට හිතුණේ මේ ඔක්කොම අරිශ්ටේ බලේ නිසාදෝ කියලයි.කොහොම උනත් වැඩි බලාපොරොත්තුවක් හිතට නොදීගෙන ටේ හෙට කිියන දවස වෙනුවෙන් බලන් උන්නා.
YOU ARE READING
Unacceptable Love - Taekook
FanfictionUnacceptable Love Taekook Top tae Bottom kook Highschool love Sweet Language