.
Chapter 6
Tae POV
හදවතට හීයකින් අනිනවා වගේ හැඟීමක් දැනෙද්දී මගේ හිතට එක එක විකාර අදහස් ගොඩක් ඒ තප්පර කීපය තුළ ගලාගෙන ආවා.ටික දවසක ඉඳන් යොන්ජුන් කුකීට ළංවෙන්න හැදුවත් මං කොහෙත්ම හිතුවේ නෑ ඒක මේවගේ දෙයක් කියලා.කඳුළු බිඳු මටත් නොදැනිම ඔහේ ගලාගෙන යද්දි මං බය උනේ මගේ කුකී මට නැතිවෙයි කියලයි. මට මං ගැනම තරහක්, කලකිරීමක් දැනුනේ යොන්ජුන්ට කලින් මට ඉක්මන් වෙන්න බැරි උණ නිසයි.දෙයියනේ මං කොහොමද මේක වෙන්න දෙන්නේ?? නෑ.. මං ඒක වෙන්න දෙන්නේ නෑ...
මට බෑ මගේ කුකී වෙනකෙනෙක්ගේ වෙනවා බලන් ඉන්න.. මං කොහොමද එහෙම කරන්නේ..? මං මීටකලින් කුකී ගැන මට තියන හැඟීම එයාගෙන් හැංඟුවේ බැරිවෙලාවත් කුකී මට අකැමැති උනොත් අපි අතර තියෙන සහෝදරත්වය පවා නැතිවෙයි කියන බයට..මට කුකී ගාවින් හ්යුන්ග් කෙනෙක් විදිහටවත් ඉන්න බැරිවෙයි කියන බයට.ඒත් දේවල් නොහිතපු විදිහට මෙහෙම සිද්ධ වෙද්දි මං කොහොමද තවත් බලන් ඉන්නේ...
මට පුලුවන් කුකීව යොන්ජුන්ට දෙන්න.. හැබැයි ඒ කුකී එයාට කැමතිනම් විතරයි... යොන්ජුන්ට මගේ කුකීව හොදින් බලාගන්න පුලුවන් නම් විතරයි...
දහසක් දේවල් මගේ මනසට ගලාගෙන ආවා.තවත් එතන ඉඳගෙන මට බලන් ඉන්න බැරිම තැන මං ආපහු හැරිලා එතනින් යන්න හැදුවත් මොකක්දෝ හේතුවකට මං ආයේත් ඉස්සරහට හැරිලා කෙලින්ම ඇවිදගෙන ගියේ වෙන දේවල් හිතාගන්න බැරුව ශොක් වෙලා හිටිය කුකී ගාවට. යොන්ජුන්ව ඇස් වලින් පුච්චලා දාන ගමන් මං කුකීගේ අතින් අල්ලන් එයාව එතනින් ඇදගෙන ආවේ කුකිත් මගේ පස්සෙන් ඇදිලා එද්දියි.
කුකීව එක්කන් මං කෙලින්ම ආවේ අපේ clz room එකට.පන්තියේ ළමයි හැමෝම වගේ ටැලන්ට් ශෝ එක බලන්න ගිහින් තිබුණු නිසා ඒවෙලාවේ පන්තියේහිටියේ අපි දෙන්නා විතරයි.
එහෙමම කුකීව මගේ ඉස්සරහට ඇදලා ගන්න ගමන් මං කුකීගේ ඇස් දිහා එකඑල්ලේ බලන් හිටියා. ඒ ඇස් බයෙන් වෙව්ලනවා.. ඒත් ඇයි ඒ..? මං ළඟ ඉද්දී ඇයි කුකී බයවෙන්නේ..
Kookie POV ~ 10 minutes ago...
මං හිතුවට වඩා හොඳට මට මගේ performance එක කරගන්න පුලුවන් උනේ හ්යුන්ග් මාව දිරිමත් කලනිසයි..එයාට thank කරන්න හිතන් හැමතැනකම වගේ හ්යුන්ග්ව හෙව්වත් ඒ හිටිය සෙනඟ ගොඩ මැද්දේ මට හ්යුන්ගිව හොයාගන්න බැරි උනා..ඒ එක්කම යොන්ජුන් මට කතාකරලා කොරිඩෝව පැත්තට එක්කන් ගියේ මට දෙයක් කියන්න තියනවා කියලයි.
YOU ARE READING
Unacceptable Love - Taekook
Hayran KurguUnacceptable Love Taekook Top tae Bottom kook Highschool love Sweet Language