විසි හතර වන කොටස

286 45 44
                                    

'තිත්ත බෙහෙත්'











Ashwin pov.

මගේ වස්තුව කොළඹ එන්න කලින් දවසේ මම අමීනා, වගේම ජේක් එක්ක කතා කරගත්තා ජේක්ගේ නෑනගේ වෘක ආත්මය මාරු කරන එක ගැන.

මම දැනගෙන හිටියා ඒක කොහෙත්ම ලේසි වැඩක් නම් වෙන්නෙ නෑ කියලා. ඒවගේම තමා අහු උනොත් මගේ රාජකීයත්වය පවා අහෝසි වෙලා යනවා.

ඒත් මම උත්සාහා කරලා බලන්න ඕනෙ.. මගේ වුල්ෆ් වෙනුවෙන් මම අඩුම උත්සාහයක්වත් අරගන්න ඕනෙ. මම දන්නවා මට මේක කරන්න පුලුවන්. ඒවගේම මීට වඩා දේවල් මට කරන්න වේවි.

එදා හවස මම කෞශල්‍යයගේ පස්සෙන් දාලා තිබුන මගේ ගාඩ් මට කතා කරලා කිව්වම කෞශල්‍යය කොළඹ එනවා කියලා, මට දැනුනේ හරියට මගේ වාසනාව අත ලගටම ඇවිල්ලා වගේ.

මම දවස් ගානක් බලාගෙන හිටියා මේ දවස වෙනකන්. ජේක් එයාගෙ නෑනව මගේ ලගට එක්කගෙන එනකම්. එයා විදපු දුක් වල හැටි එයාගෙ ඇගෙන්ම පෙනෙද්දි මටයි ඇල්ෆාටයි හොදටම තේරුනා එයාට් එයාගෙ වුල්ෆ් ආත්මය අයින් කරගන්න කොච්චර උවමබාවක් තිබ්බද කියලා.

ජේක්ගේ නෑනට නම් කිසිම ගානක් තිබ්බෙ නෑ අපි මේ කරන්න යන වැඩේ වරදීවි, එහෙමත් නැත්නම් යාගය මැදදි කාට හරි අහුවේවි, නැත්තම් එයා පණ තියෙන මළකදක් වේවි කියලා. එයාගේ මනස දැන් ජීවත් උනත් එකයි මැරුනත් එකයි කියන තැන වෙනකන්ම හැදිලා ඉවරයි.

අනික් පැත්තෙන් මට තිබුනේ දැඩි නොසන්සුන් කමක්. මට උවමනා උනේ මගේ මේට්ව ඉක්මනින්ම මගේ ලගට ගන්න. මොකද මම අවුරුදු 14ක් තිස්සෙ තනිකඩව හිටියා. සාමාන්‍ය වුල්ෆ් කෙනෙක්ට මේට්ව හම්බෙන්නෙ අවුරුදු 14න් උනත් මට අවුරුදු 28ක් වෙනකන්ම ඉන්න උනා එයාව මුන ගැහෙන්න.

මම දන්නවා මේකාලෙදි වෘක ගහනය අඩු නිසා උපතින්ම අපිට මේට්ලාව ලැබෙන්නෙ නෑ කියලා දැන්. ඒත් මට මම කැමති කෙනෙක්ව මගේ මේට් කරගන්න මගේ තාත්තා ඉඩ දුන්නෙ නෑ. මම රාජකීයෙක්. මම සිහසුනට ඊලග උරුමක්කාරයෙක් දෙන්න ඕනෙ. ඒකට සාමාන්‍ය මනුස්සයෙක් ගාවගන්න බෑ. ඒවගේම අඩු කුල වල වුල්ෆ් කෙනෙක් එක්ක මේට් වෙන්න තාත්තා මට කොහොමත් ඉඩ දෙන්නෙ නෑ. එයා තවමත් මාව තනිකඩව තියාගෙන ඉන්නෙ මගෙන් ප්‍රයෝජන ගන්න මිසක් වෙන දේකට නෙමෙයි. දැං උනත් මම අගමැතිගෙ දුව එක්ක එන්ගේජ් වෙලා ඉන්නෙ. ඒත් ඒකත් තාත්තගේ සැලසුමක් විතරයි. මට නම් ඒක රගපෑමක් විතරමයි. ඒවගේ කෙල්ලෙක්ව මට මගේ ජීවිතයට ඕනෙ නෑ.

𝑀𝑦 ℎ𝑢𝑚𝑎𝑛 𝑚𝑎𝑡𝑒ⁿᵒⁿᶠᶠ/ᵒⁿʰᵒˡᵈWhere stories live. Discover now