විසි අටවන කොටස

295 50 24
                                    

'නිල් මානෙල්'











" පුතේ? එන්න ඇග සෝදන්න වතුර එක හරි..  "

පැය කාලකට විතර පස්සෙ මගේ කාමරේට ආව අම්මා ඇදේ දිගා වෙලා හිටපු මට එහාපැත්තෙන් ඉද්ගත්තත්, මට කතා කලත් මම නෙමෙයි ඔලුවේ ඉදන් පොරවගෙන හිටපු රෙද්ද අයින් කලේ.

" ඇයි දරුවෝ මේ? කෞශල්‍යය? මොකද උනේ? "

" ම්හ්හ්.. ඉන්න දෙන්නකෝ "

අම්මා මට කතා කරලා බැරිම තැන මම ඔලුවේ ඉදන් පොරවගෙන හිටපු රෙද්ද මගෙ මූනෙන් අයින් කරන්න අහකට අදිද්දි මම නහයෙන් කෙදිරිගෑවෙ රෙද්දත් තද කරලා අල්ලගෙන.

" ඇයි මේ? "

අම්මා ආපහු පාරක් අහද්දි මම සද්ද නැතුව හිටියා. තවමත් මට විශ්වාස කරන්න බෑ මම මගේ දරුවෙක් වගේ හදපු සතාට ඒ තරම් නපුරු විදිහට මම සැලකුවා කියන්න. ඒ වෙලේ මට ඌ ගැන දැනුනේ ජම්මාත්තර වෛරක්කාරයෙක් ගැන දැනෙනවා වගේ ලොකු තරහක්! මම දන්නෙ නෑ ඇයි කියන්න..

ඒත් ඒ වෙලේ තරහින් පිරිලා තිබුනු මගේ හිත කලින් කරපු දේ ගැන දැන් තනිකරම දුකින් පිරිලා තිබුනා.

" පුතේ? මොකද මේ? උබ අඩනවද? "

කලින් මම මගේ දුකට සැපට එක වගේ හිටපු ඒ බලු පැටියාට ගහපු එකට මටම දුක හිතිලා ඇඩෙන්න ගත්තා. මගේ ඇස් දැවිල්ලගත්තා හරියට ඉදිකටු තුඩවල් වලින් මගේ ඇස් කොන් පසාරු කරනවා වගේ. මගේ ඇස් කොන් වලින් උනපු ලොකු මහත කදුලු කැට බේරිලා ගිහින් මගේ කන් පෙත්තට එකතු උනා මට දැනුනා. ඒ කදුලු හරි රස්නෙයි. මට දැනුනා මගේ කට බෙරි වෙනවා. ඒත් මම කිසිම සද්දයක් මගේ කටින් එලියට එන්නෙ නැති වෙන්න තොල් තද කරගත්තා. බැරිම තැන මම තොල් හපාගත්තා!

ඇඩෙන නිසාම මගේ නහය බුරුල් වෙලා වගේ තියෙද්දි මම නහය උඩට ඇද්දා. ඒ සද්දෙන් අම්මට තේරුනා මම අඩන වග! ඔව්.. ඒ එකම එක පොඩි සද්දෙ ඇති උනා මම අඩන වග අම්මට කියන්න! ඔය පොඩිසද්දෙ අප්පච්චිට ඇහුනා නම් සමහර විට එයාට ඒක නොතේරේවි.. ඒත් සමහර විට ඒ පොඩි සද්දෙ අප්පච්චිට ඇහේවිද කියලාත් මට සැකයි.. ඒත් මම හැරෙද්දි මං ගැන කියන්න පුලුවන් මගේ අම්මා මගේ එක පුංචි සද්දෙනුත් මගේ වෙනස අදුනගත්තා! මගේ අම්මා කියන්නෙ කොහොමත් තාත්තට වඩා මං ගැන අදුනන කෙනෙක්.. තාත්තගෙන් මට ලැබුනේ එක විදිහක ආදරයක් වෙද්දි අම්මගේ ආදරේ මට වෙනම විදිහකට දැනුනා!

𝑀𝑦 ℎ𝑢𝑚𝑎𝑛 𝑚𝑎𝑡𝑒ⁿᵒⁿᶠᶠ/ᵒⁿʰᵒˡᵈWhere stories live. Discover now