44 වන කොටස

909 89 41
                                    

කොහොමහරි හවස් වෙද්දි තේෂුයි මොවිදුයි එනවා කියලා තිබුණා සයාශ්ලා එක්ක January 1st ඩිනර් එකට. පැහැසිලාගෙ ෆැමිලි ඩිනර් එකක් නිසා එයාලට ⁣එන්න වෙන පාටක් තිබුණෙ නෑ.. එද්දි take away අරන් එන්නම් කිව් නිසා සයාශ්ට උයන්න මහන්සි වෙන්න දෙයක් තිබුණෙ නෑ.

"මොනාද ඔය බලන්නෙ ? "

වොශ් එකක් දාගෙන කාමරේට ආපු සයාශ් ඇහුවෙ ටැබ් එක දිහා බලාගෙන අඩන තුරුල්ගෙන්.. පූ බබත් සැපට නිදි අතරෙ තුරුල් ටැබ් එකට ඔලුව ඔබාගෙන ඉද්දිමයි සයාශ් වොශ් එකක් දාගන්න ගියේ..

" මං ආසම drama එක "

" කොරියන් ? "

සයාශ් පොඩි ස්ටූල් එකක් අරගෙන ඇවිත් තුරුල් ඇදේ වාඩි වෙලා හිටි තැනින් තියාගෙන වාඩිවෙලා ස්ක්‍රීන් එකට එබුනෙ කොන්ඩෙ පිහිදන ගමන්.. ඔව් ඒක කොරියන් ඩ්‍රාමා එකක්..

" ඇයි දැන් අඩන්නෙ ? "

" sad ending අනේ.. දුක හිතෙනවනේ ! "

" දැන දැනමද බැලුවෙ ? "

සයාශ් අහන්නෙ අඩලම ඉදිමිලා ඉන්න තුරුල්ගෙන්.

" තර්ඩ් රවුන්ඩ් එක "

සෑඩ් එන්ඩින් කිව්වම පැත්තවත් නොබලන අය ඉන්න ලෝකෙක එකම ඩ්‍රාමා එක තුන්වතාවක් බලනවා කිව්වහම සයාශ් පවා ඔලුව පිහදාන එක නතර කරලා තුරුල් දිහා බලන් ඉන්නවා...

" ඇයි එච්චරටම ස්පෙශල් ? "

තුරුල් කකුල් දෙක පහලට හිටින්න ඇදේ වාඩිවෙලා සයාශ්ගෙන් ටවල් එක ඉල්ලගෙන කොණ්ඩෙ පිහදාන්න ගත්තෙ ලොකු කතාවකට මුල පුරලා..

" දන්නවද සෑඩ් එන්ඩ් එකකට පුළුවන් මැරෙනකන් උනත් ඒ හැගීම පලවෙනි දවසෙ බැලුවා හා සමානව ඇති කරන්න.. දන්නවද යාශ් මං දැකපු ලස්සනම කතා ගොඩකට තිබුණෙ සෑඩ් එන්ඩ් එකක් ! "

" ඉතින් දැන් ඔය drama එක මොකද්ද ? එන්ඩ් එක මොනවගෙද ? "

සයාශ් සාමාන්‍යයෙන් ටීවී සීරීස් බලන මනුස්සයෙක් නෙවි.. පොඩි කාලෙ ඉදන්ම ටීවී එක තහනම් උන සයාෂ් ටිකක්හරි බලන්න පටන්ගත්තෙ තුරුල් එක්ක ඉදලමයි..

" Moonlovers කියලා 2016 ආපු drama එකක්.. ඒකෙ රජතුමාගෙ අන්තඃපුරේ බිසෝවරුන්ගෙ ළමයි ටික.. ඒ කියන්නෙ අර්ධ සහෝදරයො.. එකම කෙල්ලෙක්ව බෙදාගන්න බැරුවයි බලය බෙදාගන්න බැරුවයි රණ්ඩු වෙනවා.. මගෙ මතේට අනුව හේසු ඒ කියන්නෙ ගෑණු ළමයා ලැබෙන්න ඕනි හතරවෙනි කුමාරයා වැන්ග් සෝට ... කවුරු කොහොම කිව්වත් ජීවිතෙත් පරදුවට තියලා පිය රජතුමාගෙ තීරණේට හරි පිටින් යන්න හයිය තිබුණෙ එයාට විතරයි... "

Blooming Flowers /Non Ff | Completed ✔️Where stories live. Discover now