උදේ පාන්දර අයිස් එකත් ගිලලා කැහුටු ඇග ගාණට පුම්බගෙන , සූද සබන් ඇග ගාලා ඇගත් හෝදගෙන , රැල්ලක් නැතිවෙන්න මැදපු ෆුල් සූට් එක හෙන ජැන්ඩියට ඇදගෙන , සෙන්ට් එකත් හිසේ සිට දෙපතුලට නාගෙන ...
කොහෙද යන්නෙ කියලද බැලුවෙ 😎😏
අපෝ අපෝ...පොස් එකට හිටියට ඔහෙයිලගෙත් හෙන ඕපේ නේහ්හ් ?
ඕන් නැති මාලුබනිසක් නෑ .
සෙලව පෙර පෙරා බලන් ඉන්න එකේ ඕන් ඔහෙ කියලා දාන්නම්කො.
වෙන කොහොවත් නෙවෙයි, මං මේ යන්න හදන්නෙ
සංසාර ණය ගනුදෙනු පියවලා එන්න...
තේරුන් නැද්ද ?
අවුරුදු පහක් කැම්පස් එකේ බංකු රත් කරපුවා අවසානෙත් ආයෙම මේ කැම්පස් යන්නයි ලෑස්තිය.
බංකු රත් කරන්න නෙවෙයි බන් වැල් බයිලා දෙසන්න. හුම් හුම්... මෙහෙම හිටියට අපි ඇවිල්ලා පො පෙ සර්ලා..ඩිං ඩොංග් .. ඩිං ඩොංග්.. ඩිං ඩොංග්..🛎️
ගෙදර බෙල් එක උඩ නැගගෙන මොකෙක් හරි ඒක ගහනවා ඇහිච්ච හින්දා කොන්ඩෙ පීරලා නෑ කියන එකත් අමතක කරපු මං ඉක්මන් අඩි වලින් දොර අරින්න කියලා හිතාගෙන සාලෙට ගියෙ එලියෙ ඉන්න එකාගෙ හත් මුතු පරම්පරාවට පොලොවෙ පස් කන්න හිතෙන තරමටම හිතින් බනින ගමන්.
හැබැයි ගිහින් දොර ඇරියහමයි දැක්කේ , සෝමාලියාවට දාපු පාන් කෑල්ල වගේ හැමදාම මං දිහා හැමදාම සෙම , සොටු , සෙවල පෙරාගෙන පැණිහිනාව රන්දන් බලන් ඉන්න හිකනල් ඩිලිවරිකාරයා ඇවිත් තියෙන්නෙ කියලා.
හැබැයි මූ මොන පැණිය හලලා විරිත්තුවත් හොඳකට කියලා තියෙන්නෙ මුලු ලේන් එකේම ඕඩර් වලින් මූ පළවෙනියට උස්සන් එන්නෙ මගෙ ඕඩරේ වෙන එක.
YOU ARE READING
ҭђe ђeaʀҭ вeaҭ 💗 ( nonfiction )
Fanfiction🐇 ආලෙන් වෙලා ගන්න බැරි නම් ප්ලීස් කෝලම් කරන්න එන්න එපා මේඝ , එහෙම උනොත් මං තලන්නෙ තමුසෙගෙ හොම්බ ... 😒 🦁 මං නැතුව වෙන කවුරු කෝලම් කරන්නද සුදූ... පිස්සු කතා නොකර ඉන්නවා !!!🤥 මම හීනෙන් අපේ ලෝකෙ සායම් කරෙත් වෝටර් ෆෲෆ් තින්ත වලින් , දැන් ඕවා වතුර දාල...