🦁 " එතකොට අහස්වි ඔයාගෙ... ? "
මේඝගෙ කටහඬේ තිබ්බෙ පුදුමයක්. හ්ම්. පුදුම නොවී කොහොමද ? මොකද මේ වෙනකම් ඇත්ත කවුරුත් දැනන් හිටියෙ නෑනෙ.
🐇 " හ්ම්. මං එයාගෙ තාත්තා නෙවෙයි මේඝ. මං එයාගෙ බාප්පා. "
වචන වල පිට පෙනුම සරල උනත් ඒවා හින්දා කොච්චර නම් රිදෙනවද කියන එක මට අද දැනෙනව...
තාත්තා වගේම බාප්පා ! පිරිමියෙක් උනත් ඒ වචන වල වෙනස මට අද හරි තදින් දැනෙනවා.
ඒ දෙක අතර මෙච්චර ලොකු දුරක් දැනෙන්නේ ඇයි දෙයියනේ ?ඩැඩා කියපු කටින්ම බාප්පි කියලා අහගන්න වෙන දවසට පපුව පැලෙයිද කියලා බයයි බන්.
🐇 " බාප්පෙක්ට බෑ කවදාවත් තාත්තෙක් වගේ වෙන්න බන්. එහෙව් එකේ කෙල්ල මගෙන් ඈත් වෙන එකත් මහ ලොකු පුදුමයක් නෙවෙයි "
තාත්තගෙ ආදරේ අසමසමයි කියන්නෙ බොරුවටද ඉතින්.
බාප්පගෙ ආදරේ තාත්තගෙ ආදරේට සම වෙන්න තියා ලගින්වත් තියන්න බැරි එකේ මං කොච්චර ආදරේ කරත් කෙල්ලට දැනෙන්න ඇති , මේ ඉන්නෙ තාත්තා නෙවෙයි කියන එක.
ඉතින් දැනුම් තේරුම් ඇති කාලෙ වෙද්දි කෙල්ල මෙහෙම ඈත් වෙන එක පුදුමයක් නෙවෙයි.
කලින් මේ කාරණා ගැන හිතලා බලන්න ඕනි කියලා දැනන් උනත් ඒවා මතක් වෙද්දි පවා මට දැනුනෙ පුදුමාකාර බයක්...
ඇත්ත කියන දේ එළිවෙද්දි ජීවිත කීයක් නම් වෙනස් වෙයිද ? හ්ම්ම්.
ඒත් ඉතින් කවදා වෙනකම් මං ඇත්ත හංගන්න ඉන්නද නේද!
🦁 " සුදූ එහෙම හිතන්න එපා, ඔයා බාප්පා නෙවෙයි මහප්පා උනත් මොකද , ඔයානෙ දරුවව බලාගත්තේ . ම්ම්ම්ම්...
ඔයයි එයාව ජීවත් කෙරෙව්වේ."මාව උරිස් දෙකෙන් අල්ලලා එයාගෙ පැත්තට හරෝගත්තු මේඝ හැදුවෙ මගෙ හිත හදන්න උනත් සරලවම මට ඒකට ටිකක් විතර මල පැන්නා.
මල පැන්නාම නෙවෙයි ඉතින් , මං අහස්විගෙ බාප්පා කියන එක එයාගෙ කටින් කියවෙද්දි ඇත්ත තේරුම් ගන්න අකමැති මගෙ බොලඳ හිතට නොරිස්සුමක් දැනෙන්න ගත්තා.
YOU ARE READING
ҭђe ђeaʀҭ вeaҭ 💗 ( nonfiction )
أدب الهواة🐇 ආලෙන් වෙලා ගන්න බැරි නම් ප්ලීස් කෝලම් කරන්න එන්න එපා මේඝ , එහෙම උනොත් මං තලන්නෙ තමුසෙගෙ හොම්බ ... 😒 🦁 මං නැතුව වෙන කවුරු කෝලම් කරන්නද සුදූ... පිස්සු කතා නොකර ඉන්නවා !!!🤥 මම හීනෙන් අපේ ලෝකෙ සායම් කරෙත් වෝටර් ෆෲෆ් තින්ත වලින් , දැන් ඕවා වතුර දාල...