5

169 25 12
                                    

' හහ් අද ආවදෙන්කෝ ගෙදර ජෝඩුව මට බොරු කියලා එළියට පැනලා ආයෙ සතියක් විතර යනකන් එළියට යන්න දෙන්නේ නෑ. '

' කොල්ලොනේ අභිශේකා කොල්ලන්ව ලමිස්සියෝ වගේ ගෙට කරලා තියාගන්න බෑනේ. '

' ඇයි කොල්ලො කියලා කරදර වෙන්නේ නැද්ද අපෙ මහත්තයා. ඔයා තමයි මෙයාලව නරක් කරන්නේ. වෙලාවකට කෑ ගහනවා ආයේ කියනවා කොල්ලොනේ කියලා දෙන්නා ගෙදර එනකම් මගේ ඇඟේ ලේ වතුර වෙනවා. එන්න කියන්නකෝ අද ගෙදර කිව්වේ කොහොමද යාලුවෙක්ට කරදරයක් කියලා අනේ ඇත්තමයි මට එන තරහා. '

' කේන්ති ගන්න එපා අභිශේකා කොල්ලො ගෙදර එයි. අනික ගෙට කරලා තියාගන්න ඕන නම් ඔයාට මට කෙල්ලෙක්ව දෙන්න තිබ්බනේ කොහෙද නෑනේ කිසි උනන්දුවක්. '

' නිකන් ඉන්න තිවංක හරි නරකයි. කසාදයක් කරන වයසේ අලි කොල්ලො දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් නේද ආ ලැජ්ජාවක් නැද්ද?. '

' අර මොකටද මන් ලැජ්ජාවෙන්නේ. මගේ වයිෆ් ගාව මන් නැතුව වෙන කවුරු හුරතල් වෙන්නද? '

' අහකට යන්න මහත්තයා. '

' ඔන්න ඔය නිවුස් පොඩ්ඩක් දාන්න බලන්න අභිශේකා දවස් ගානක් බැලුවේ නෑ. '

' හ්ම් ඉන්න '

' අභිශේකා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? '

' එහෙම නෑ තිවංක. අද උදේ ඉදන් මගේ හිතට හරි නෑ අනේ මන්දා. '

' ඔයාගේ මනස්ගාත අභිශේකා හිතන්න එපා. '

' හ්ම්ම්ම්'

' අනේ මන්දා දැන්නම් දැම්මේ අපරාදේ කියලා හිතෙනවා. මේ පාර්ලිමේන්තු මගුල් දකිනකොට මගේ ඔලුවයි රිදෙන්නේ කරන ඇති මගුලකුත් නෑ මරාගන්නවා බොරුවට. '

Breaking news ;

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්,

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නෙත් මානෙන් Where stories live. Discover now