5.30 AM...
උදේම නැගිටපු මම ඉක්මනට ඉස්කෝලෙට යන්න ලෑස්ති උනා..Football practice 6.30ට පටන් ගන්න නිසා කලින් ඉස්කෝලෙට පැන ගත්ත නම් හරි....කොහොමත් practices තියන දවසට විතරයි මම කලින් යන්නෙ...අනිත් දවස් වලට ඉතින් හත හමාර අට පැනල තමා ඉස්කෝලෙට යන්නෙ...ඕක හින්දම අපෙ අලි පුපෙන් ආපු හෙඩාගෙන් බේරෙන්න බැරුව හිටියෙ...ඌ මහ වාතයක්...හැම කෙහෙල් මලම හොයන්න එනව...අනික මට කතා කරන්නෙත් ධනූ කියල...එයාගෙ පව්ලත් හොද පෝසත් පව්ලක් කියනව...ඒ වගේම හොදට සල්ලිත් තියනවලු...අනේ මන්ද ඉතිම් කට කතා තමයි...හැබැයි උගෙ මූණ සැර පාටයි...කාත් එක්කවත් වැඩි කතා බහක් නෑ...මුන් ඔක්කොගෙම ලොකුකම තමා...අලි පුපෙන් ආපු වේස ඇටයො...
ගෙදරින් breakfast ගත්ත මන් 5.50 ට ඉස්කෝලෙට යන්න ගත්ත...හ්ම්...අද මොකද කරන්නෙ...bike එකේ යනවද...බස් එකේ යනවද...ආර්ග්!!! මුන් ඔක්කොම වේසයි.....බයික් එක ගෙදර තියපු මම බස් එකේම ඉස්කෝලෙට යන්න හිතුවෙ සෙනෝල් වත් එක්ක ගෙන එන්න උගෙ ගෙදරට යන ගමන්...
"ඩිං ඩොං "
ගෙදර බෙල් එක ගහපු ගමන් එලියට එන සෙනෝලයගෙ මූසල මූණ දැක්ක ගමන් දවසම ඉවරයි...ඒත් කමක් නෑ කියල හිත හදාගෙන ඌත් එක්ක බස් හෝල්ට් එකට ගියා...ඉස්කෝලෙ තිබුණෙ පයින් යන්න පුලුවන් දුරක වෙද්දි අපි බස් එකේ ගියෙ practices වලට කලින් යන්න ඕන උණු නිසා...
"මොකෝ අද උබෙ වණ්ඩිය නැද්ද..."
"ඔව් බන් ඒක උස්සලා.."
"අඩෝ සිරාවට!!!!"
"නෑ නෑ ප## ඒක අද ගත්තෙ නෑ එලියට...ඊයෙ පැදපු පාර මඩ තලියයි...ඒ ටික තියන් පාරෙ යන්න බෑනෙ..."
මන් සෙනෝලයට කිව්වෙ ඇත්ත....මොකද බයික් එක ඊයෙ උදේ පැදපු පාර තනිකරම ඒක අච්චාරු වෙලා නෙමේ චොකලට් කේක් එකක් වගේ තිබ්බෙ...ඒ තරම් මඩ...අපරාදෙ මගෙ වණ්ඩි මැණික...දැන් වණ්ඩු ආප්පයක් වෙලා ඇත්තෙ...ගෙදර ගිහිල්ල සිරිසේන අන්කල්ට කියල වත් ඕක හෝද ගන්න ඕන...සැක්..මට උදේ කියල එන්න අමතක උනානෙ...මුන් ඔක්කොම වේසයි...
"ආන් බන් අල්ලපු වැටේ බස් එකක් එනව...අපේ ඉස්කෝලෙ උනුත් දෙතුන් දෙනෙක් ඉන්න පාටයි...මොකෝ කියන්න නගිමු නේද...සුට්ටක් කලින් යන්නත් එපෑ..."