සෙනෝලුත් එක්ක බස් එකේ ඉස්කෝලෙට ගියපු මන් පන්තියට යනකොටත් වෙලාව හතයි විසි පහයි.....හැබැයි අද නම් පොඩ්ඩක් කලින් ඇවිල්ල...ඒ උනාට මගෙ ඔලුවෙ කැක්කුම නම් තාම අඩුවක් නැතුව එහෙම්මම තිබුන...සෙනෝලය මගෙ නලලට අත තියල බැලුව...
"අඩෝ උඹට උනද බන්....ඇග රශ්නෙයිනෙ..."
"නෑ බන්...මන් උදේම උණු වතුරෙන් නෑව....ඒක නිසා වෙන්න ඇති...."
"මෙ මේ...විකාර කියවන්න එපා....උඹ අද ක්ලාස් එකට වෙලා හිටපන්...මන් හෙඩාට කියන්නම්...."
"ආපෝ උට කියනවට වඩා හොදයි මන් කලු ගලක් බඩේ බැදගෙන නුවර වැවට පනිනව..."
"ඔච්චර මුරණ්ඩු වෙන්න එපා මචං...වෙන කරන්න දෙයක් නෑනෙ...උඹ එතනට ගිහිල්ල කලන්තෙ දාල වැටුනොත් එහෙම මොකද කරන්නෙ කියපන්කො..."
"කලන්තෙ දාල වැටුනත් වැටෙන්නෙ මන්නෙ...උඹ හිටපන්කො...."
"එහෙම කියල බැනෙ..."
කියපු සෙනෝලය දිව්ව දිවිල්ලක්....උගෙ වේගෙට මාත් ඌ ප්ස්සෙන්ම ගියා....
ඒත් එක්කම උදේම දැකපු සුන්දර දර්ශනෙන් මගෙ ඇස් නිලංකාර වෙලා ගියා වගේම අද දවසම එච්චර සුබ වෙන එකක් නෑ කියල මට හිතුන..."ධනූ...සෙනෝල්...කොහෙද මේ දෙන්නත් එක්ක දුවන්නෙ...යන්න...ගිහිල්ල පෝලින් හැදෙන්න.."
මේ වෙන්න යන්නෙ එච්චර හොද දෙයක් නම් නෙමේ...අපි ඉස්සරහට ආවෙ වෙන කවුරුත් නෙමේ...උදේම ක්ලාස් බලන්න යන හෙඩා වෙද්දි මන් සෙනෝල් දිහා රවල බැලුවෙ හෙඩාට කියන්න එපා වගේ කියන බැල්මකින්...
ඒත් මූ ඇහුවෙ නෑ වේස පගය...හෙඩාට වමනෙ දැම්ම වගේ ඔක්කොම ටික වමෑරුව...
සෙනෝල්.....මට මේ කරපු දේට මන් උඹෙන් පලිය ගන්න එක ගන්නව...."නෑ අයියෙ...මේ මුට හොදටම උණ...එසෙම්බ්ලි එකට යන්න එපා කිව්වට අහන්නෙ නෑ..."
ඒක කියල විනාඩි දෙකක් වත් ගියෙ නෑ...හෙඩා මගෙ නලලට අත තිබ්බ...යකෝ....මූ මැරිලද....අතේ සීතල බලකො....
"හ්ම්...දනූ...ක්ලාස් එකට යනව....එතකොට සෙනෝල්...උඹ යනව පෝලිමට...."
"ඒ...ඒත් අයියෙ...මේ මට එච්වර ලොකු අමාරුවක් නෑනෙ..."