උදේ පීරියඩ් තුන හතරත් කම්මැලි කමේ ගෙවිල ගියා....හෙඩා ඉන්ටවල් එකේ ඌව හම්බවෙන්න එන්නත් කිව්වනෙ...මුලින් නම් මට හිතුන අනේ නික්ම් මොකටද උගෙ ගෑස් බල්න්න් යන්නෙ කියල...ඒත් ඉතින් ඌ ගේමටද එන්නෙ කියල බලන්න එපැයි....මම කාල බීල ඉවර වෙලා සෙනෝලයත් එක්ක prefect room එකට ගියා....දෙන්නම් ඕකට අද...හෙඩෝ උඹ මට ගැහුවොත් මාත් ගහනව....උඹ මාව මැරුවොත් මැරිල පැයක් ගිහිල්ලත් මම උඹට වෛර කරනව....
ගේමට ගේම කියල හිතන්ම හෙඩා ඉන්න prefect room එකර ගියපු මම ගැම්මෙන් හිට ගත්ත...ඒත් ටික වෙලාවකින් හෙඩා කියපු කතාව නිසා මගෙ ගැම්ම හුලං ගියා වගේ බැහැල ගියා...
"සෙනෝල්....තමුන්ට මන් එන්න කිව්වෙ නෑනෙ..."
"අහ් නෑ මේ අයියෙ...මන් මේ මුගෙන් බේරෙන්න බැරුව ආවෙ...පව්නෙ බය වෙලා ඉන්නෙ...ඔන්න මන් කැපුන පුතේ....උඹල ඕන කෙහෙල් මලක් කර ගනිල්ල...."
එහෙම කියපු සෙනෝල් මාව එතන අර පුප තඩි හෙඩත් එක්ක තනි කරල දාල යන්න ගියෙ මන් උට දෙස් තියද්දි...අනේ ඇත්තමයි මුන් ඔක්කොම වේසයි...මහලොකුවට ඉන්නව හොදම යාලුව කියල එකෙක්...ඌත් මෙලෝ වැඩක් නෑ....අවශ්‍යම මොහොතෙනෙ දාල ගියෙ...උඹට මේ ආත්මෙට කෙල්ලෙක් නම් සෙට් වෙන්න එපා....
"තමුන් මොනාද උදේ බස් එකේ නැගගෙන කරේ අහ්..?"
මම බස් එකේ ඉදගෙන රෙව්වනෙ අනේ ඇත්තමයි මුගෙ අප්පට....මට කියන්න කුණු හරප වැලක් ගලාගෙන ආවත් ඒ ටික කන්ට්‍රෝල් කරන් හිටියෙ මොනා උනත් ඉස්කෝලෙ හෙඩානෙ කියන ගවුරවට උට දෙන්න ඕන කියන දේ හිතෙද්දි...
"මන් ඉස්කෝලෙට එන්න බස් එකට නැග්ගෙ...ඇයි අයියට දැන් කසනවද කොහෙ හරි..."
" තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනෙ..."
හැව් හැව්...කිව්වෙ නෑ තමා අනේ මූව නම් මට කාල ආපහු වමනෙ දාන්න හිතෙනව දැන්....ඇයි යකෝ මාර හුත්තක් උනානෙ...දැන් ඕක අහන්නද මට මෙච්චර දුරක් එන්න කිව්වෙ....කුණු උන කිඹුල බනිස් ගෙඩිය...
"තමුන් කෙල්ලෙක් එක්ක කතා කර කර හිටිය...කව්ද ඒ..."
"ඒව ඔයාට මොකටද...ඇයි තමුසෙ මගෙ බාප්පද..."