"එය ඝන වැහි අන්ධකාරය සහිත නිසල අදුරු රාත්‍රියක්.ගස්වැල් සිපගනිමින් හමායන සිසිල් සුලග පරිසරයට එක් කරන්නේ තියුණු මූසල බවක්.මේ සියල්ල මධ්‍යයේ ඇත්තේ බ්‍රිතාන්‍ය ආරයට නිර්මාණය කළ විශාල පැරණි නිවසක්.එක් වරම ඇසුනේ කන් බිහිරි කරවන විලාපයක්....ඔව් එය පිරිමියකුගේ වේදනාත්මක විලාපයක්.විශාල නිදන කාමරයක් තුළ සිටි ඔහු තවත් අයකුගේ තල්ලු කිරීමක් හේතුවෙන් ඉදිරියට විසි වී ගොස් බිත්තියේ තිබූ තරමක් විශාල සිතුවමේ වැදී බිම ඇද වැටෙනවා.සිතුවම බිදීගොස් එහි තිබූ වීදුරු කැබලි වලට කැපුනු ඔහුගේ හිසෙන් ගලායන රුධිරය බිම පුරා පැතිරී යනවා.ඔහුගේ යැයි කිව හැකි ලැප්ටොප් පරිඝනකය, වාර්තා ලියූ කොළ ඔහුගේ දෑස් මධ්‍යයේම අනෙක් පාර්ශවය විසින් ගිනි තබා විනාශ කර දමනවා." ආහ්හ්හ්.....භීතියට පත් රොවාන් එක්වරම නින්දෙන් නැගිට ඇදේ වාඩි වුණා.ඔව් එය හීනයක්...ඔහු එක්වරම බැලුවේ ඇදේ වම්පස ඇති මේසය මත තිබූ ඩිජිටල් ඔරලෝසුව දිහා.එහි වේලාව පාන්දර 1.11 ලෙස සටහන් වුණා.පසලොස්වක පෝ දිනයක් වූ එදා පායා තිබූ පුර හදේ ආලෝකය ජනෙල් තිර අතරින් පෙරී ඇවිත් කාමරය ආලෝකමත් කරා. ඔහු කොයිතරම් භීතියට පත්ව සිටියේද යත් සිවිලිමේ ඇති විදුලි පංකාව ඉතා වේගයෙන් කැරකුනත් ඔහු සම්පූර්ණයෙන්ම දාඩියෙන් තෙත්ව ගොස් තිබුනා.සදලුතලය දෙස බැලූ ඔහුට යම් කිසි වෙනසක් දැනුනත් මේසය මත තිබූ වතුර වීදුරුව එක හුස්මට ඉවර කළ ඔහු හිත මදක් සංසුන් වූ පසු නැවතත් නින්දට වැටුනා.___________________________________
ඔන්න පොඩි කොටසක් දුන්නා..
🦋මන්දාකිණී🦋
![](https://img.wattpad.com/cover/372079832-288-k455137.jpg)
YOU ARE READING
1 1 1 | Completed
Misterio / Suspenso"හීනේ සිද්ධ වෙන දේ මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්න යන්න එපා.මොකද......සිද්ධ වුණ දේ සිද්ධ වෙලා ඉවරයි" Start Date : 2024/07/19 End Date : 2024/10/30 🚫Don't copy my work🚫 🚫Don't ask for damn pdf🚫