"මං ඔයාට ආදරෙයි
ඒ වචන තුන කියද්දි මගේ හාට් බීට් වෙන වේගෙට මට හිතෙන්නෙ දැන් පුපුරයි දැන් පුපුරයි කියලා.. මගේ කන් දෙපැත්තෙන් දාඩිය ගලනවා මට දැනෙනවා. ඒත් මට මේදේ ඔයාට කියන්නම ඕන. මං ඔයාට ආදරෙයි.."
"එච්චරක් කිව්වම හරිද බබා. තව මොනාහරි ඇඩ් වෙන්න ඕනද. "
"මොනවද ඔය කියන්නෙ.. ඕක love confession එකක්ද එහෙම නැත්තං literature letter එකක්ද හලෝ.. අනේ මංදා ඔයත්.. "
"ඉතින් ඒකනේ තමුසෙගෙන් උපදෙස් ගන්නෙ.. "
හැව් හැව් තමයි.. හනේ...හ්.. මෙහෙමත් වදයක්..
මම කිම් හනා. වයස 26 යි. ඉන්නෙ බුසාන් වල. ඉගෙන ගන්නේ සෝල් යුනිවසිටි එකේ.
ඒ වගේම pure single.හෑ.. එතකොට අර බබා කිව්වෙ.. yup.. බබා කිව්වෙත් මටම තමයි. කියපු කෙනා ගැන අදුන්වලා දුන්නොත්..
.. ජියොන් ජන්කුක් .. වයස 26යි. ඉන්නෙ බුසාන්වල.. ඉගෙන ගන්නේ සෝල්.. හාහ්.. මගේ classmate and seatmate. තව එයා කියන විදිහට මගේ soulmate. සහ.. university එකේ කඩවසම්ම පිරිමි පරාණෙ.. ඒ වගේම ටිකක් playboy කෙනෙක්.
ජන්කුකයි මායි පොඩිකාලෙ ඉදන්ම අදුනනවා.. කොච්චර අදුනනවද කිව්වොත් එයාගෙ ඔම්මට එයා හම්බවෙලා විනාඩි දෙකකට පස්සෙයි මගේ ඔම්මට මාව ලැබිල තියෙන්නෙ. ඒ දවස් වල අදුනන්නැති උනත් ඉදලා තියෙන්නෙත් එක ලග beds දෙකේ.
අපේ අම්මලා දෙන්න හොදම යාලුවෝ.. එ කොහොමද කියනවනම්.. දෙන්නා මීට් වෙලා තියෙන්නෙ post partum depression counselling එකකදි.. ඒ කියන්නේ අපි දෙන්න දීලා තියන වද වල හැටියට ඔම්මලා දෙන්නා කවුන්සිලිනුත් ගිහින්...
ඉතින් ඒ ඇතිඋන බැදීම අපි දණගාපු කාලෙ ඉදන් අද වෙනකල් අපි දෙන්න අතර තාමත් එහෙමමයි..
මම සෝල් කැම්පස් එන්න ඕන කියපු වෙලාවෙ මට වඩා high rank එකක හිටපු කුකියටත් එයාට ඕසී වල scholarship ඇවිල්ලත් නොගිහින් මාත් එක්ක ආවා.. මමනං එපාම කිව්වා අවංකවම.. කොහෙද ඉතින්..
දැන් ඔයාලට ප්රශ්නෙ මට බබා කියපු එකනේ... ජන්කුක් කතා කරන්න පුළුවන් උන කාලෙ ඉදන්ම මට කියන්නේ බබා.. බබා අරෙහෙ යමු. බබා මෙහෙ එන්න.. බබා මොනාද ඕන..