මට දවස් හතරක් උණ අරන් සිහිය නැතුව හිටිය කියලයි ඔම්මා මට කිව්වෙ.. මේ දවස් හතරටම ජන්කුක් ආගිය අතක් නෑ හොයාගන්න.. හැමෝම ජන්කුක්ට බැන්නට සිද්ධිය නිසා පොලීසියෙනුත් ගෙදරට හොයන් ඇවිත් තිබුනට ඔම්මා නෙවෙයි වචනයකවත් ජන්කුක් ගැන වැරද්දක් කිව්වෙ.. ඔම්ම හරි.. මේ සිද්ධියට වැරදි කාරයා මමම තමයි..
"හනා.. දැන් කොහොමද.."
ටේ මේ දවස් ටිකේම මාව බලන්න ඇවිත්.. පව් එයාටත් වදේ මම නිසා.."දැන් හොදයි ටේ.. සොරි.. ඔයාටත් කරදරේ නේද මම නිසා.. "
"හාහ්.. තොපිල දෙන්නා තාම මාව යැව්වෙ නැත්තේ හිරේ විතරනේ.. ඒ නිසා දැනටනම් අවුලක් නෑ මට.. "
දිග ඇගිලි වලින් wavy කොන්ඩෙ පිටිපස්සට හදන ගමන් කට කොනකින් හිනා වෙවී කියද්දි ටේ දිහා බලන් ඉන්න ලස්සනයි.."ටේ.. "
"ම්ම්ම්ම්ම්.."
"ජන්කුක්.. කොහෙද.."
"දන්නෑ බන්.. "
......
......
"කිම් ටේහියොන්ග්.."
"Yes.. මිස් හනා.. "
"කුකී කොහෙද.."
ටේ දිහාම බලන් හිටපු මම ටේගේ අත දිහා බැලුවම මං දිහා හොරෙන් බලපු ටේ අත හංගගත්තා.. හිතපු විදිහටම ජන්කුක් කෝල් එකේ ඉදන් අහන් ඉන්නවා ඇති.."මට බලන්න ඕන.. "
"ම් මොනවද.. "
"කුකීව. එන්න කියන්න.. "
"මං දන්නෙ කොහො_ "
"ටේ.. ජන්කුක්ට එන්න කියන්න.. එයා එනකල් මම කන්නෑ කිසි දෙයක්.. "
මම එලිය බලාගෙන කිව්වෙ ඇත්තටම.. සිද්ධ වෙච්ච දේවල් වලට සමාව ඉල්ලන්න ඕන.."මම කියලා බලන්නම්.. "
ටේ කියලා ගියේ මම එලිය බලන් ඉද්දිමයි..දැන් එයි දැන් එයි කියල රෑ වෙනකල් බලන් හිටියත් වැඩක් උනේ නෑ.. ඇස් වල දැවිල්ලක් එක්ක කදුලු පිරෙද්දි මම ශීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන ගුලිඋනේ හිතේහැටියට අඩන්න..
.........................................................රස්නෙ හුලගක් කන ගාවට දැනෙද්දි නින්දෙන් ඇහැරිලා බැලුවා.. අඩ අඩම නින්ද ගිහින්ද කොහෙද මට.. ලාවට ඇස් ඇරල බලද්දි කුකී මං ගාවටම ලංවෙලා බලන් ඉන්නවා..