Final

298 52 11
                                    

මොනවා හරි හදනවා ඇති.. "

රෑ කුකී හොරෙන් ඇවිත් මං ගාව නිදාගත්තට මට එලි වෙනකල්ම නින්ද ගියේ නෑ.. මේ සේරම දේවල් හොදින් සිද්ධ උනානම් මගේ වලත්ත හිත නිසා කුකී විනාස වෙලා.. මෙච්චර කාලයක් තිබුන මගේ නිදහස නැතිවෙලා ගියපු හැටි මගේ ලග සැපට නිදන් ඉන්න කුකී දිහා බලන් ඉද්දි මට මැවිලා පෙනුනා..

උදේ පාන්දරම හුචු හුචු ගාන කුකීව බලෙන්ම  ගෙදර යවලා මම ලෑස්ති උනේ යුනි යන්න. ඒත් යුනි එකට ගිහින් cafeteria එකේ ඉදන් ක්ලාස් එකටවත් යන්න උනේ නැහැ ගෙදරින් කෝල් එක එද්දි..

මම පයින්ම ගෙදරට සිහියක් පතක් නැතුව දුවද්දි මට මතක් උනේම ඔම්මා අඩ අඩ කතා කරපු විදිහ..

"අ..අප්පට කවුද ම් මිනිස්සු වගයක් ගහල පුතේ.. ටිකක් අමාරුයි.. "

මම සද්දෙන් දොරත් ඇරගෙන පඩිපෙල නගිනගමන්ම ඔම්මට කෑ ගැහුවා.. ඔම්මා පහල තට්ටුවේ ගෙස්ට් රූම් එකේ ඉදන් එලියට එබෙනවා දැකලා මම පුදුම උනා.. ඔම්මලගෙ රූම් එක තියෙන්නේ උඩනේ.. මම ඒ වේගෙන්ම හැරිලා පහලට දුවගෙන ගියා.. ගෙස්ට් රූම් එකේ දොර ඇරපු ගමන්ම මම ගල් ගැහුනා..

ඇදේ වැතිරිලා කෙදිරි ගගා හිටපු අප්ප මාව දැකලා ඔම්මගේ අතින් අල්ලන් ඇදට හේත්තු උනා.. දකුණු අත සම්පූර්ණයෙන්ම බැන්ඩේජ් කරලා ඔලුවත් බැන්ඩේජ්.. දකුණු ඇහැවටේ කලු වෙලා..

"පුතේ.. "
ගල් ගැහිලා හිටපු මගේ ඇස් අප්පගේ කෙදිරි ගාන කටහඩට කදුලු පිටාර ගලන්න ගත්තා.. අප්පගේ පපුවට තුරුලු උන මට හයියෙන් ඇඩෙන්න ගද්දි අප්පා වමතෙන් මගේ ඔලුව සිනිදුවට අතගෑවා..

"මට අමාරුවක් නෑ පුතේ... දැන් අඩන එක නතර කරන්නකො.. "
"ක කවුද අප්ප ගැහුවේ.. .. මේ තරමටම ගහන්න තරම් ම මගේ අප්ප කරපු ව වරද මොකද්ද.. ඉහ්හි.."

"කම්පැනි එකේ අවුලකට පුතේ _"

"ජන්කුක්ගේ අප්ප.. එයා තමයි මේ සේරටම මුල...."
අප්පා කියන්න ගියපු දේ කියන්න නොදීම ඔම්මා අඩ අඩම එහෙම කියද්දි මට මතක් උනේ එදා දවස..

"අදින් පස්සෙ මේ සේරම හීනයක් කියලා අමතක කරලා දාන්න.. එහෙම නැති උනොත් අපි ආය හම්බවෙන්නෙ මේ විදිහට නෙවෙයි කියලත් මතක තියාගන්න.. "

Don't Tell Me You Love Me  | complete |Where stories live. Discover now