3

301 62 14
                                    

මාසයක් ගතවුනේ හරිම වේගෙන්.. යුනි එකේ වැඩ අසයිමන්ට් exams එක්ක යටවෙලා හිටපු මට කුකීව දකින්න හම්බ උනෙත් කලාතුරකින්.. ඇත්තටම මාව දකින හැම පාරම එයා මගහැරලා යන්න පටන් ගත්තා.. ඒ ඇස් තවදුරටත් මං ගැන හොයන්නෑ කියලා තේරුන්ගත්තට පස්සෙ මම නොඅඩපු දිනයක් මතක නෑ.. ඉල්ලන් කාපු නිසා අමාරුවෙන් උනත් අල්ලගෙන හිටියා.. ජන්කුක්ගේ ඔම්මා කතා කරද්දි..

"හනා.. මොකද දරුවො මේ.. "
එක හවසක කුකීගේ ඔම්මා මට එයාලගෙ ගෙදරට කතා කරා.. වෙන දවස් වලට එහෙ යන එක සිම්පල් උනාට මම සිද්ධියෙන් පස්සෙ යන පලමු වතාව මේ.. ඒකත් මරන්න ගෙනියන හරකෙක් වගේ..

"හොදටම කෙට්ටු වෙලා.. කන්න නැද්ද.. මට අදුනගන්නත් බැරිඋනා.. "

මාව එච්චරම කෙට්ටුවට මවාගන්න එපා ඔයාලා.. ඔම්මලානේ.. එහෙම තමයි..

"යුනි එකේ වැඩ ආන්ටි.. ඒ නිසා වෙන්නැති.. "

ආන්ටිත් එක්ක කතා කර කර ඉද්දි පඩිපෙල බැහැගෙන එන ජන්කුක් දැකලා මගේ කතාව නතර උනා.. සුදු ශර්ට් එකට නේවි බ්ලූ ට්‍රව්සර් එක... උස්සලා ගානට වවපු කොන්ඩෙ මාරෙටම මැච් උනා.. එයාටනම් මම නැති පාලුව දැනිලවත් තිබුනෙ නැති ගානයි.. ඔව් දැන් ඉන්නවනේ පාලු මකන්න අය.. ගස් හාවා..

"ජන්කුක්.. මේ හනා එක්ක මම කිය කිය හිටියේ_ "

"ඔම්මා මම බිසී.. අනවශ්‍ය අය කියන දේවල් අහන් ඉන්න මට වෙලාවක් නෑ.. මම යනවා.. නෝවා ගියාද.. "

" ම් මේ.. තවම රෙඩිවෙනවාද කොහෙද... අහ්.. මේ එන්නේ.. "

"හායි ආන්ටි.. "

බිම බලන්ම හිටපු මම උඩ බැලුවෙ ඒ රලු කටහඬේ අයිතිකාරයා හොයන්න.. දීප්තිමත් තදනිල් ඇස් දෙකක් සේරම පාස් කරන් ඇවිත් මගේ ඇස්වල නැවතුනාම මම ගැස්සුනා..

"හනා.. මේ නෝවා.. කුකීගෙ කසින් කෙනෙක් වෙනවා.. "

ඇහ්.. මේ සුද්දා.. ආ ඔව් කුකීගෙ සීයට එක වයිපරයක් නෙවෙයිනෙ හිටියෙ..

"Hi.. I'm Novah.. nice to meet you.. "

"Hi.. I'm Hana Kim.. pleasure to meet you too.. "

ඒ ඇස් මගේ දිහාම බලන් ඉන්න බව තේරුන නිසාම මම බිම බලාගෙනම හිටියා.. හිමීට ජන්කුක් දිහා බැලුව මට පෙනුනේ ඇස් රතු කරන් නහර උලුප්පගෙන මගේ දිහයි නෝවා දිහයි මාරුවෙන් මාරුවට බලන කුකී කෙනෙක්ව.. ඒකට හිනා ගියපු නිසා හිනාවෙන්ම ඔලුව උස්සද්දි නෝවා තවමත් මගේ දිහා බලන් කට කොනෙන් හිනාවෙන ගමන්මයි..

Don't Tell Me You Love Me  | complete |Where stories live. Discover now