chapter 1

75 8 4
                                    

  "මම එන්නේ ඩුබායි රටේ ඉදලා
          සල්ලි හොදට හම්බ කරලා
                   හම්බ කරපු සල්ලි මා ළගයි"එලීනා ඩෙස් එකට තාල තිබ්බා

"ගනිම් බලන්න තොගෙ සල්ලි කැන්ටිමේ අන්ටිගේ සුව දුක් බලන්න යන්න ඕනේ" නොදකිම් පකයා සිංදුවත් කාගෙනම මැද්දට පැන්නා නිශිනිගේ වැඩේම ස්කෝලෙ වටේ එයාගෙ හිත දිනා ගත්ත එකා ඉන්නවද කියල බලන්න ඇවිදින එක

"තොගෙ ආච්චිට...පකයෝ දැන් ඊස්තටික් පීරියඩ් එක හු#තෝ"එලීනා නිශිනිට අමුතු බැල්මක් දාල කිව්වෙ සිංදුවට මැදින් පැනලා කාපු නිසා

මම මුන් දෙන්නා රණ්ඩු කරන වෙලාවට කතා නැතුව ඉන්නේ මම දැන් කතා කළොතිම් මට අමු අමුවේ නිශිනිට වඩා එලීනගෙන් බැනුම් අහගන්න වෙන නිසා.මම ගැන කිව්වොත් ඉතිං කේශ කල්‍යාණියෙන් නම් මට අඩුවක් නැහැ පැත්තෙන් ටේබල් ටෙනිසුත් කරගෙන ඉන්න කෙල්ලෙක් තමයි මම මෙහෙම කිව්වට මට කේන්ති යන වෙලාවට බොරු මරිසි දදා ඉන්නේ නැහැ මොකා උනත් කන පැලෙන්න දීලා අරිනවා.
          "මේ උබලා දැන් යන්නේ නැද්ද කියපල්ලා"

          "Brother eugh කවුද සගෝ ඊස්තටික් පීරියඩ් යන්නෙ .අනේ බං අද ඩබල් පීරියඩ් කට් කරල අපි කැන්ටිමට වෙලා ඉමු බං තෝ එදත් කට් කරල අහුවුණාද කියපම් නැහැනේ??"නිශිනි කවදාවත් ඊස්තටික් පීරියඩ් යන්නේ නැති උනාට නර්තනයෙන් විශාරද දක්වාම කරන්න එයාට පුළුවන් හැකියාවක් තියනවා

"හැබැයි බං අද මටත් පීරියඩ් එක කට් කරන්න පුළුවන්"එලීනා ඩෙස් එකට පොත විසිකරන ගමන් කිව්වා

උන් දෙන්න ඉද්දි මම විතරක් පීරියඩ් එකට යන එක හරි නැති නිසා මමත් හිටියා.පීරියඩ් කට් කරන වෙලාවට අපි අහුවෙන්නේ නැතුව ඉන්නේ A/L සෙක්ශන් එක පැත්තේ තියන වොශ්රූම් වල අපි ඒකෙ හැංගෙන්නේ අපේ ස්කෝලෙ මිස්ලා ඊස්තටික් පීරියඩ් එකට පංතිවලට ඇවිල්ලා බලනවා ළමයි ඉන්නවද කියලා එතකොට අහුවුනොතිම් ඉතිං ප්‍රිංසිපල් මැඩම් ගාවට අනිවාරෙන් යන්න වෙනවා
මේ වොශ්රූම් එකේ view එක නම් ඉතිං ආයෙ මරු සොහොනෙ අර මිනිස්සු පුච්චන තඩි පොල්ල වගේ එකයි පතරංග ගහයි සොහොන් කොතුයි එතනට මාරම ලස්සනට පේනවා.

ටිකක් වෙලා ගියාට පස්සේ ඉතිං අපි යනවා කැන්ටිමට පේර අච්චාරුයි පොල් රොටියි කන්න කැන්ටිමේ අර ලස්සන ඇස් තියෙන අංකල් නම් අපිට අවේලාවේ උනත් කෑම දෙනවා.කෑම කකා එද්දි එලීනගේ දේවතාවිය ආවා.එලීනා කවදාවත් එයා සේහට කැමතියි කියලා පෙන්නන්නෙ නැහැ කියන මතයේ තමයි ඉන්නේ ඒ උණාට දෙයියො දන්නවා එයා සේහට කොච්චර ආදරෙයිද කියලා.අඩුම තරමේ අපි සේහ ළගින් යනකොට එලීනා අපිට හිනා වෙන්නවත් දෙන්නෙ නැහැ.

දැන් ඉන්ටර්වල් බෙල් එකත් ගැහුවා පලවෙනි පීරියඩ් එකේදිම කෑම ඔක්කොම කාලා ඉවර නිසා අපි ස්කෝලෙ වටේ ඇවිද්දා.අපි තුන්දෙනාටම ඒ කාලේ ඉදලා ආසවක් තිබ්බා ඉන්ටර්වල් එකට මොනවහරි කන්න අරගෙන අවිත් බාස්කට්බෝල් කෝට් එක ළග තියෙන බෙන්ච් එකට වෙලා කන්න සමහර දවස් වලට කලාතුරකින් කෝට් එකේ ළමයි අඩුයි එතකොට ලග තියෙන ගස් වලින් එන හුළග නම් මාරම සනීපයි

එයා එනවා මට දුර ඉදන්ම පෙනුනා රිනා අක්කා එයාගෙ යාළුවො එක්ක සමහර දවස් වලට කෝට් එකේ බෙන්චස් ගාවට එනව.මම එයාව දකින හැමවෙලාවකම මගේ හිත ඇතුලේ ලොකු කුණාටුවක් හටගත්තා. පිටට පෙන්නුවේ නැති උනාට මම එයාට ඒ වෙනකොටත් ගොඩක් ආදරේ කලා.එයා මාව නොදන්නව වුණත් එයා ඒ වෙනකොටත් මගේ වෙලයි තිබුණේ.නමුත් මම දැනගෙන හිටියා ඒ වෙනකොටත් එයාට කෙල්ලෙක් ඉන්නව කියලා.

රිනා අක්කා ගැන කිව්වොත් එයා sports පැත්තෙන් මාර වැඩ්ඩෙක්.කැරලි කොට wolf cut එක කපපු කොණ්ඩයක්.එයාගෙ වයසෙ සමහර අය කිවුවේ නම් එයා මාර ම උඩගුකමෙන් ඉන්න කෙල්ලෙක් කියලා.මට පෙනුණේ හිනා වෙලා මාරම ආතල් එකේ ඉන්න කෙල්ලෙක්ව.මම එයාට මගේ ආදරේ ගැන කියන්නේ නැති එක හේතුවක් උනේ එයාට කැමති ගොඩක් අය හිටියා මට ඕනි උනේ නැහැ එයාට කැමති තවත් එක කෙල්ලෙක් වෙන්න.එයා වෙන එක්කෙනෙක්ගේ අත අල්ලගෙන ඉන්නවා මගේ ඇස් දෙකට පෙනුනත් එයාට මම ආදරේ කලේ මගේ හදවතින්ම.මගේවත් නොවන කෙනෙක් උණත් මම වෙන කිසිම කෙනෙකුට මගේ හිත නොදී පරිස්ස්ම් කළේ මට එයා දවසක මං ගාවට මගේ ආදරේ හොයාගෙන එයි කියලා තියන බලාපොරොත්තුව ඇතුව.

   "බං වරෙන් යන්න පංතියට යන්න ඕනේ"නිශිනි කෑ ගැහුවේ රිනා අක්කව දැක්කේ නැතුව.මම එතන ඉන්න මට තව බැරි නිසා ඉක්මනට නැගිටලා පන්තියට දිවුවා.
________________________________________________

ඉතිං ළමයි මේකෙ පොඩි පොඩි අඩුපාඩු ඇති ඔයාලා මේ කතාව ගැන මොනවද හිතන්නේ කියලා කියාගෙනම යන්න..

                    

     

පෙම් පාලම්|GLWhere stories live. Discover now