අඩෝ ඉක්මනට පලයන් අන්න උඹේ සුදු අම්මියා උබට කතා කලා.."
"අනේ පලයන් ඒකි මගේ සුදු අම්මියා කියන්නේ තෝ හිතුවද අපි බැන්දා කියලා උත්තෝ"මම නිශිනිගේ මූණට ලොකු රැවිල්ලක් දාලා රිනා අක්කගේ පන්තිය පැත්තට ගියා.බැහැනේ ඉතිම් කරන්න අර මෙලීෂා ගෑනිත් ඉන්නවා එතන මොකාද එක වගේ ලැගලා.මට මෙලීෂා අක්කා ඉද්දි රිනා අක්ක එක්ක කතා කරන්න බැහැ.ඒ දෙන්නගේ love life එකට කරදරයක් වෙන්න මට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ.ඒක පාර්ශවික ආදරේ කියන්නෙත් එක අතකට මාරම දුකක් හලෝ.තමන් කැමති කෙනා වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයි කියලා දැන දැනත් මම දුර ඉදගෙන එයාට ආදරේ කළා.
මම දුරට වෙලා ඉන්නවා කියලා දැකලද දන්නේ නැහැ මෙලීෂා අක්කා රිනා අක්කා ඇදගෙන පන්තියට ගියා.මහ දොන්තයෙක් ඔය මෙලීෂා ගෑනි නම් ..මොනව කරන්නද ඉතිම් මමත් පස්සේ පන්නන්න ගියේ නැහැ.
ශේප් එකේ පන්තියට ගිහිල්ලා ළමයින්ට අතුගාන වැඩ භාර දුන්නා මොකත මමනේ මොනිටරයා. ඊටපස්සේ මම අරුන් දෙන්න එක්ක කැන්ටිමට ගියත් මම කෑවෙ නැහැ.මම ආස නැහැ උදේට පැණිරස කෑම කන්න.එදා කෑම එච්චර set නැහැ කොහොමත්.මම නිශිනිගෙ කිරි පැකට් එකෙන් උගුරක් ඉරුවා..
"නම්කී..."පිටිපස්සෙන් මට රිනා අක්කා හෙන හයියෙන් කෑ ගැහුවා.සුට්ටක් විතර චොර උනත් මම හැමෝටම චොර හිනාවක් දාලා කැන්ටිමෙන් එළියට ඇවිත් normal එකේ talk කළා.දැන් අක්කා මාත් එක්ක හොදටම ෆිට් නොකිව්වට පොර සමහර වෙලාවට මට calls ගන්නවා.ඒක නිසා ලොකුවට මම දැන් කලබල වෙන්නේ නැහැ රිනා අක්කා මාත් එක්ක කතා කරද්දි.
"ඇයි හලෝ බෙරිහන් දෙන්නේ ඔක්කොම බලනවා.."
"ඉතිම්"මට අමුතු බැල්මකුත් දැම්මා.රිනා අක්කා කියන්නේ හරියට අදුරන්නේ නැති අයට හෙන professional විදිහට කතා කරන පොරක්.මම ඉස්සරම එයා එක්ක කතා කරද්දි හිතුවෙ පොරගේ සුට්ටක් විතර මරිසි වැඩියි කියලා.නමුත් මමත් දැන් රිනා අක්කා වගේ තමයි.close අය එක්ක විතරයි ආතල් එකේ කතා කරන්නේ.අනිත් එක රිනා අක්කා මාරම මහන්සියෙන් ඕනම වැඩක් කිවුවොත් මගනොහැර කරනවා.කොච්චර පිටිපස්ස පෝළිමේ ඉදගෙන පිස්සු කෙළියත් හොදට exam වලට ලකුණු ගන්නවා
