chapter 6

49 8 0
                                    

"එහ් බම් ආතල් ගන්න එපා ඕයි.."මගේ ඔළුවට තොණ්ඩු ගැටේ වැටෙන්න ඔන්න මෙන්න තිබිලා හිටියේ.

"අනේ සෙද්ද තමයි.ඒකි උබ ගැන පක වෙන්න හොයනවා බම්.මට messege එකක් දාලා "ඔයාලා සෙනායාට මොනව හරි කිව්වද?"එහෙම දාලා තිබ්බා බම්"

"තවුසේ මොකෝ කිව්වෙ ඉතිම්.."අමුතු සතුටක් ආවත් හිතේ පැත්තක අමුතු බයකුත් තිබ්බා.

"මම කිව්වා ඉතිම් නැහැ අක්කේ.එයා ටිකක් worry වෙලා ඉදියේ අක්කා එයාව මගහරිනවා කියලා බොහෝ විට ඒක වෙන්න ඇති..මම එහෙම දැම්මා හරිත සගෝ"

"අඩෝ මොන සෙද්දකටද ඒකි ඒවා අහන්නේ.. ඉතිම් ඉතිම්"කුතුහලේ වැඩි වෙන්නේ නැද්ද මේකි කඩ කඩ කතාව කියද්දි.මුට ලොකු දක්ෂ්තාවක් තියනවා කතාවක් හෙන ලොකු කුතුහලයක් අපි තුළ ඇති කරලා කතාව කියන්න.

"හරි ඕයි අහපම්කෝ ඊට පස්සේ උන වැඩේ.ඒකි කිව්වා"නංගි එයාව පරිස්සමෙන් බලාගන්න එයාට ආයේ අත කපන්න දෙන්නත් එපා.." එහෙම දාලා බම්ම්"

එලීන එක්ක ඔහොම පැය ගාණක් කතා කළත් නිශිනි නැති අඩුවත් අමුතුවට දැනුණා.ඒකිගේ අම්මා ඒකිට ෆෝන් තහනමක් දාලා.මගේ එකා පව් අනේ.ටිකකින් දොරට තට්ටුවක් දාන සද්දේ ඇහුණා.මම කාමරේ ඇතුලට එන්න කියලා හෙන හයියෙන් කෑ ගැහුවා.

"බේබි අද ක්ලාස් එකට අදින ඇදුම දෙන්න මම අයන් කරලා දෙන්නම්'ආන්ටි හරිම අහින්සක කෙනෙක්.අපේ ගෙදර එයා දැන් අවුරුදු 8ක් විතරම වැඩ කරනවා එයා.මාරම හොද කෙනෙක්.මට පොඩි කාලේ හොර වැඩවලටත් උදවු කරලා තියනවා..

"ම්ම් ආන්ටි closet එකේ ඇති black caargo pant එකක් ඒකයි මට crop top එකක්  අයන් කරලා දෙන්නකෝ."
ක්ලාස් එකේ වැඩත් ඉක්මනට ඉවර කරලා ඉවර වෙලා මම පැයකට කලින් ඇදුම් ඇදගෙන උලන ඒවා ඔක්කොම උලලා කොන්ඩෙත් high ponytail එකක් දාලා විනාඩි45කින් විතර පන්තිය ලගින් බැස්සා.තාත්තා අද free හිටපු නිසා මාව ගිහින් class දැම්මා.මම යනකොටත් නිශිනි මම එනකම් බලාගෙන ඉන්නවා.එකී මමයි ක්ලාස් බොහෝවෙලාවට යන්නෙ එකම එකට.

"දීපම් උබේ බෑග් එක මම අරගෙන යන්නම්." නිශිනි මගේ කෙල්ල වගේ බෑග් එකත් අරගෙන මගේ ඉනටත් අත දාගෙන් ගියා.දවසක ඕකටත් අපිට කාඩ් එකක් හැදෙන්වා මොනව කිව්වත් පොර හෙන හොද එකෙක්

පෙම් පාලම්|GLWhere stories live. Discover now