අහස්න එයා ආදරේ කලේ රෙහාන්ට කියලා කිව්වට පස්සේ ෂදිල් පුදුම විදිහට ශොක් වුනා...එයා පුටුවට කඩන් වැටුනේ රෙහාන්ට ආදරේ කරනවා කියලා හිතන්න පුළුවන් අන්තිම කෙනා අහස්න කියලා හිතුන නිසා....
ඒක එහෙම හිතෙන එක අහන්නත් දෙයක්ද?....අහස්න කවදාවත් ෂදිල්ට රෙහාන් ගැන ඒ විදියේ කැමැත්තක් තියෙන වගක් අඟවලා තිබුනෙම නැති තරම්.....
ෂදිල් රෙහාන්ට ආදරේ බව මුල ඉඳන් ටිකක් හරි අනුමාන කලේ අහස්න...අයෝධ්‍යා ඒක දැනගන්න ඉක්මන් වුනාට කැම්පස් කාලේ බෝඩිමේදී අහස්න ෂදිල්ට හින්ට් පාස් කරලා තිබුනා එමට රෙහාන් ගැන කියලා....
කෙල්ලෝ පස්සෙන් පිස්සෙක් වගේ ගිය කෙල්ලො ගැනම දිවා රෑ නොබලා කියවපු අහස්න වගේ දැඩි පෙනුම තියෙන කොල්ලෙක් කොල්ලන්ට කැමතියි කියලා හිතන්නෙවත් කොහොමද?....
ඒකත් රෙහාන් වගේ දරදඬු පිරිමියෙක්ට....හිත ගිය තැන මාලිගාව කියලත් කතාවක් තියෙනවනේ....සමහරවිට මේ ඒ වගේ ආදරයක් වෙන්න ඇති.....
අහස්න නිතරම ෂදිල්ගෙයි රෙහාන්ගෙයි සම්බන්ධය ගැන උනන්දු වුනත් කවදාවත් රෙහාන්ට කැමැත්තක් තියෙන බවක් හාංකවිසියක් කොල්ලාට අඟවලා තිබුනේ නෑ....
ඒ විතරක්ම නෙමේ....එයා ෂදිල්වයි කසාද බඳින්න ලෑස්ති වුනේ.....ෂදිල් වුනත් හිතුවේ අහස්න යටි හිතින් එයාට කැමති ඇති කියලා....සීයට සීයක් ඒ උපක්ලපනේ විශ්වාස නොවුනත් ෂදිල්ට එහෙම හිතුනා....
"සොරි බන්...මන් මේක උඹෙන් හැංගුවා....උඹව මන් මැරි කරන්න හැදුවෙත් රෙහාන් බොස්ව උඹ මැරි කරන එක වලක්වන්න....මන් උඹට ද්‍රෝහි වුනා නෙමේ....අයෝධ්‍යා බොස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුනාට පස්සේ උඹත් එයාගෙන් ඈත්වුනානේ....ඊටත් වඩා උඹ බොස් එක්ක එෆෙයාර් එකක් පටන් අරන් තිබුනේ නෑනේ ඒ කාලේ කැමැත්තක් තියෙන බව පෙන්නුවට....."
අහස්න වරදකාරී බැල්මකින් කියාගෙන කියාගෙන යනකොට ෂදිල්ට හිතාගන්න බැරි වුනා මොකක් විශ්වාස කරන්නද කියලා....
ශොක් වෙලා හිටපු කොල්ලා මහ හඬින් හිනාවෙන්න පටන් ගත්තා එකපාරටම....ඒකෙන් අහස්නව ශොක් වුනා....
![](https://img.wattpad.com/cover/351239288-288-k616327.jpg)
KAMU SEDANG MEMBACA
සිධාරණ්‍ය (Complete)✔️
Fiksi Penggemarඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - January 29, 2025