කලු කුමාර🖤

1.6K 231 99
                                    



02.05.1999
රත්දේලිය වලව්ව

අම්මේ,අප්පච්චි....සමාවෙන්න...ඒත් මන් අසරනයි...මේ ලියුම ඔයාලට හම්බවෙනකොට මන් මේ ලෝකෙන් යන්නම ගිහින් ඉන්න පුලුවන්.....සමහර විට මේ ලියුම ඔයාලා කියවද්දි මං ඉස්පිරිතාලෙ ඇදක් උඩ ජීවිතයත් මරනයත් එක්ක සටන් කරනවා වෙන්න පුලුවන්....ඒ උනත් මගෙ අන්තිම ඉල්ලීම.මාව බේරගන්න එපා...ඔයාලා මට පොඩ්ඩක් හරි ආදරේ කලා නම් මට මැරෙන්න දෙන්න.....මේ වේදනාවෙන් මාව නිදහස් කරන්න......

මන් කිව්වා...පුලුවන් හැම විදිහකටම කිව්වා ඒත් ඔයාල මාව විස්වාස කලේ නෑ.....ඔයාලා මට පිස්සු කිව්වා...මාව කවුන්සිලර් කෙනෙක් ගාවට එක්ක ගියා.....බැරිම තැන මන් ගිය ආත්මයක් ගැන කියවනවා කිව්වා....ඔයාලගෙ කෙහෙල්මල් වලව්වෙ නම්බුව මට වඩා ලොකු උනා.....පිස්සෙක් නොවුනු මාව පිස්සෙක් ගානට දාලා ඔයාලා මාව කාමරයක් ඇතුලෙ හිර කලා...

මේක දැනගන්නකොට ඔයා ඕනාවටත් වඩා පරක්කුයි අප්පච්චි....ඔයාලා කරපු ලොකුම වැරැද්ද මාව හිර කරපු එක.....හිතලම සිංහයගෙ ගුහාව ඇතුලට මාව තල්ලු කරපු එක...මේ මොහොතෙත් මාව ගැහෙනවා.....වියන් ඇද විතරක්ම තියෙන කාමරේ ඇතුලෙන් ඇහෙන අඩි හඩවල් එක්ක පන පිටින් මගෙ හුස්ම හිරවෙන්න යනවා.....

දලදා හාමුදුරුවන්ගෙ නාමෙන් මන් මැරුනට පස්සෙවත් මාව විස්වාස කරන්න අප්පච්චි...එයා ඉන්නවා..මේ කාමරෙ පුරාම..මන් හුස්ම ගන්න වාරයක් පාසාම එයා මන් ලගින් ඉන්නවා....දැනුත් මට දැනෙනවා...එයා ඉන්නෙ මන් දිහාම බලාගෙන....මේ කාමරේ කොතන හරි අදුරු මුල්ලක ඉදන් එයා ඉන්නෙ මන් දිහාම බලන් ඉන්නවා...ඒ තද කලු පාට ඇස් දශමෙකින්වත් එහා මෙහා නොවී මන් ලගම නතර වෙලා තියෙනවා...

මට බයයි අම්මේ.....අනේ අප්පච්චි මට බයයි......ඇයි දෙයියනේ මාව හිර කලේ.....එයා මන් ගාව ඉන්නවා කියන එක විස්වාස නොකර ඇයි මාව හිර කලේ..ඇයි කාමරේක හිර කරලා මාව එයාගෙ ගොදුරක් කලේ.....එලියට යාගන්නත් බැරිව...කාටවත් ඇතුලට එන්නත් බැරිව හතරාතින් වට කරපු කාමරයක් ඇතුලේ මාව නොමරා මරන්නේ..ඉපදුනු ගමන් බෙල්ල හිර කරලා මරන්න බැරි උනු තරහටද දෙයියනේ මාව එයාගෙ අත් අස්සටම තල්ලු කලේ......එයා මාව නැත්තටම නැති කරන බව දැන දැනමද මාව මෙහෙම අසරන කලේ....

කලු කුමාර°°°(කාළ් season 02)Where stories live. Discover now