⚫01⚫

950 139 70
                                    

..

..














වර්ශ 2024
රන්දුනුතැන්න!


.
...අන්කල් පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද....

ගිරි ශිඛරයන්ගෙන් වට වුනු හරිත පැහැයට හිස නවාලු ගම්මානයක්.....ගිරි ශිඛරයන් පාමුල හිද පොලෝ තලයට අයිතිය කියන රන්වන් ගැහුනු හුලං තාලෙට පැද්දෙන වෙල් යායක්......ඒ වෙල්‍ යායට ඉහලින් රබර් ගස් යායක් මැද්දෙන් දිවෙන කදු පාරක්.....ඒ පාර කෙලවරේම තුන්මංහදියක් ලග තැනුනු පුංචි පහේ කඩ මන්ඩියක්.....මේ කඩමන්ඩිය ලග නතර උනු සුපෝගබෝගී වාහනකින් එබෙන අලුත් පන්නෙට විලාසිතා කොරාපු තරුනයෙක්......

..අංකල්?...මයෙ හිතේ ඔය කොලුවා මෙහෙ නොවෑ වෙන්ටෑ... කාරනාව මොකක්ද කිව්වා නම්....

කඩමන්ඩියේ පිල උඩ වාඩීවීගෙන හිටිය උඩට ලේස් බැනියමක් එක්ක....නිල් ඉරි වැටුනු සරමක් ඇදපු තරමක වියපත් පිරිමියෙක්.....සුදු ගැහීගෙන එන මූන පුරා වැවුනු රැවුලත් එක්ක....අතේ තිබුනු පත්‍තරය දෙකට නවලා පැත්තකින් තිබ්බෙම ලෙන්ගතු හිනාවක් එක්ක....ඒත් අර තරුනයගෙ නම් ඇස් අග ඇදිලා තිබුනෙ තරමක් පුදුම උනු සොබාවයක්......ලෝකේ මේ තරම් තියුනු වෙලත් තවමත් මේ වගේ මැටිවලින් පිල් බැදපු කඩමන්ඩියක්!..අදහා ගන්නත් බැරි තරම්....

...මන් මෙහෙ නෙවේ තමා අංකල්....කුරුනෑගල ඉදන් එන්නේ....මට මේ පාර පොඩ්ඩක් වැරදුනා.....පුලුවන් නම්...

...ආහ්....මේ ගමේ ඒකලාටම මේ පාර තොටවල් වරදින එකේ පිටගමකින් ආව ඔය කොලුවටත් පාරවල් වරදින එක අහන්නත් දෙයක්ද...ඔය කොලුවට යන්ඩ ඕන කොහෙටදෑ කිව්වා නම්....

..අන්කල් මට යන්න ඕන රත්දේලිය වලව්වට!

මේ තරම් වෙලා ලෙන්ගතු හිනාවකින් පිරිලා තිබුනු ඒ වියපත් මූනට බැරෑරුම් බැල්මක් ආරූඪ වෙන්න ගත උනේ හරිම පොඩි වෙලාවයි......

....ඔය කොලුවා රත්දේලිය වලව්වට යන්ඩ තනන්නෙ අහවල් කාරියකටද...

..මන් මේ...

..ඔය කොලුවා තකහනියක්කේ මෙහෙ ආවෙ වෙදකමක් කරගන්ඩ කාරිය නම් කියන්ඩ තියෙන්නෙ මහ නිලමේ ගමෙන් බැහැර ගොහින් කියලා තමා..උන්දැ ආපිට එන්ඩ සුමානයක්වත් යාවි මයෙ හිතේ...

කලු කුමාර°°°(කාළ් season 02)Where stories live. Discover now