..
..
..
අදුරට බර උනු වැහිවලාවන් අස්සෙන් පෙරිලා එන ඉර එලිය මහ මූසලයි.....උදේ පාන්දරම ප්‍රබෝධමත්ව ගලාන එන්න ඕන උනත් ඒ ඉර එලිය නම් හරි මලානිකයි.......
සීතල පින්නට තවමත් තෙත්කාපු සුදු වැල්ල මතින් නිරුවත් දෙපා තද කරපු විද්වාන් වලව්වෙ වැහිලා තිබුනු දොරට ඒ විදිහටම වැහිලා තියෙන්න ඇරලා වැල්ල මතින් වලව්වෙ පිටිපස්සට අඩි තිබ්බේ නිහඩ පිලිවෙතකින්....රැයක් පුරා නිදි වරපු ඇස් රත ගහලා තිබුනා තිබුනා උනත්......ඒ මූනේ තවමත් රැදිලා තිබුනා නැවුම් බවක්......හිනාවක් නොවන හිනාවක් ඇදිලා තිබුනා දෙතොල් තරයේම පියවිලා ගිහින් තියෙද්දි නොසැලෙන බැල්මකින් එකම අරමුනක රැදුනු දෙනෙත් නිසොල්මනේ රැදිලා තිබුනත්...ඒ අකීකරු කෙහෙරැල්ලට නම් හරි හරියට ගනුදෙනු තිබුනා දිගැටි දෙනෙත් එක්ක කරන්න නම්.....ඒ කෙහෙරැල්ලට ලොකු උවමනාවක් තිබුනා පින්තාරු කල සියුම් රේඛා තොගයක් ගානට පේන ඒ ඇහිබැමි එක්ක හැංගි මුත්තම් කරන්න නම්.....
වලව්වෙ වම් පැත්තෙන් සුදු වැල්ල මතින් දෙපා තද කරලා විද්වාන් පියවර තිබ්බේ වලව්වෙ පිටිපස්සට......සුදු වැල්ල එක්කම අක්කර ගානක් පුරාවට විහිදිලා තිබුනු පොල් වත්ත දිහාවට.......වලව්වෙ සුදු වැල්ලත්...පොල් වත්තත් යා කරන සීමාව දඩු වැටකින් වෙන් කරලා තියෙද්දි.....ඒ ආසන්නයේ නම් තනිකරම තිබුනේ වලව්වෙ මහ නිලමෙටම අයිති උනු වෙද පැලැටි වගයක්.......අවසරයකින් තොරව අල්ලන්නවත් බැරි.......ඒත් ජීවිත ගනනාවක් බේරලා දුන්නු වෙද පැලැටි යායක්.......ඒ එක්කම වගේ වෙද ගෙදරක නොවරදින දෙහි ගහක් පවා ඒ ලගම තියෙද්දි එක වෙද පැලැටියකටවත් අවැඩක් නොවෙන්න විද්වාන් නතර උනෙම ඒ දෙහි ගහ ලගින්.....
ඉර එලිය පොලොවට වැටිලා පස් අස්සෙ හැංගිලා ඉන්න පනු පැටව් පවා හිස ඔසවලා බලන මොහොතක්..ඒත් රත්දේලිය වලව්වෙ නම් තිබුනේ ඉදිකටුවක්වත් නොවැටෙන තරමේ නිහඩකමක්.......වතුර නටන කේතලයක් එක්ක දුම් වලා අහසට නගින ගම්මුන්ගේ දුප්පත් ගෙවල් අතරින් රත්දේලිය වලව්වෙ කුස්සියේ බිත්තිවල පවා තිබුනේ ඇග හිරිවැටෙන තරමේ සීතලක්.....දහ දෙනෙක්ට උනත් උයන්න පුලුවන් තරමේ ඉඩ කඩ තියෙන වලව් කුස්සියේ දුම් කවුලුවේ තවමත් රැදිලා තිබුනේ ඉර එලියටවත් වියැකිලා නොගිය පිනි බිදු රැල්ලක්.......
YOU ARE READING
කලු කුමාර°°°(කාළ් season 02)
Horrorයකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්?