⚫02⚫

536 99 86
                                    


.
.
.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


විද්වාන්ගෙ උපන් ලප තුන මෙහෙම
ඉරක් නෙවේ ඒක ත්‍රිකෝනයක්...!



.
.
.







    හැන්දෑ යාමේ ගෙවිලා යන්න ගිහින්...ඒ වෙනුවට මූසල අන්ධකාරය හතර දිසාව අරක්ගෙන.....එක පේලියට විදිහුනු රබර් යායත්.....පවුරක් ගානට නැගී හිටපු කදු පන්තිය පවා මීදුමකින් වැහීගෙන....වලාවන්ද නැත්නම් මීදුමක්ද කියලා තෝරා බේරා ගන්න අමාරු සුදු පැහැයට යට වෙලා කෙලවරක් නැති වෙල් යායත් හැංගීගෙන.......




....අභිසෙස්ට සීතලත් ඇති....

...එහෙම ලොකුවට අවුලක් නෑ විද්වාන්...දන්නැද්ද ඉතින්...



        පහත රට ඉදන් ආව මිනිහෙක්ට පුලුවන් ද ඔය කියන තරමට කන්ද උඩ රට හීතලට හුරු වෙන්න.....අත් කොට දුහුල් කමිසෙකට බතික් සරමක් විතරක් ඇදලා උන්නු විද්වාන්ගේ තොල් අග ඇදී.ගියේ හිනාවක්........දෑත් පිටුපසට බැදගෙන කදු පන්තියේ ඉද්න් පහතට රූටන සීත හුලන් පොද දෑස් පියන් විදින ගමන් හිටිය විද්වාන්ට හිනාවක් නොයා තියෙයිද අත් දෙක අතුල්ල අතුල්ල ගැහෙන තොල්වලින් සීතල නෑ කියාගෙන අහිසෙස් තවත් මුසා දොඩෝනකොට...




....අභිසෙස් ගෙට ගියා නම්...මේ හීතල පහතරට මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නෙ නෑ....ලෙඩ කරන්ඩ බලනවා...

...අවුල..ක් නෑ...ශේප් ශේප්...

...ඔය කිවිසුම් යැවිල්ල නතර කරා නම් මටත් හිතන්ඩ තිබුනා සීතල ශේප් කියලා නම්....



  බර උනු නහය අතේ තිබුනු ටිශූ එකකින් පිහපු අභිසෙස් ස්තෝප්පුවේ පුටුවෙ ඉදගෙන තමන් ඉස්සරහා හිටන් ඉන්න ඒ අඩුපාඩුවක් නැති පිරිමි රූපේ දිහා බැලුවේ තරමක් අමුතුවට..පිටිපස්සට අත් බැදන් කොහෙදෝ ඈතක් බලන් ඉන්නවා......විටින් විටේ ඒ පිටිපස්සට බැදුනු අත්වලට ඇගිලි එකිනෙක මිටි මෙලවෙනවා...ආයෙමත් දිග ඇරෙනවා...ඒ පමාවට මොනවත් නොවුනු ගානට එක නිමේශයකට නිසල වෙනවා.....




කලු කුමාර°°°(කාළ් season 02)Where stories live. Discover now