හීතල හුළං පාරවල් කපාගෙන ඉස්සරහට යන බස් එකක මං ඉන්නේ විස්වාස කරනවද ..,ඉස්කෝලේ යන කෙනෙක් ට නම් මේ බස් එක අමතක වෙන්න විදිහක් නෑ ...
හරි ..ඔයාලට මතක් වෙන බස් එක තමා සිසු සැරිය ...
මන් ගැන කිව්වොත් නම් තිදැස් සාරණ්ය රණවක ..
### central එකේ 12 A ක්ලාස් එකේ හිටපු මන් Al කරේ ආර්ට් ...
ඒත් එක්කම වෙන සිහියකින් හිටපු මගෙ ඔලුව ගිහින් "දඩස් .." ගාලා ශටර් එකේ වදිනකොට ,ලා නින්දක හිටපු මන් ඇහැරුණා ." ආ...හ්හ් නිදි කුමාරයා ගුඩ් මෝනින්ග් ......" පිටි පස්සෙම සීට් එකේ හිටපු අපේ සෙට් එකේ නිදුක් මට කියනකොට මන් ඌට මැද ඇගිල්ල පෙන්නලා අහක බලාගත්තා .
" නිදිකුමාරයට මළ පැනලානෙ ..." මන් අහගෙන අනිකා කල්ප කියනවා ..
සැරියේ දාලා තිබුණු රොෂාන් ගෙ සිංදුවක් කියන ගමන් බෝතල් කෑල්ලකට තට්ටු කර කර හිටපු දනුක ...මන් දිහා බලලා ඇහැක් ගහලා ඉදන් ඉස්සරහ හිටපු කෙනෙක් ව ඇහෙන් පෙන්නුවා ...හම්මට .....සද බොද වෙයි කිව්වලු !
එතන හිටියේ කොමස් එකේ මේනක මිනිහා බරටම වැඩ ...අපේ පැත්තේ girls ස්කූල් එකක හිටිය කෙල්ලක් එක්ක ...!
වැඩේ කියන්නේ මන් ඔය ඉන්න කෑල්ලම මේනක යගේ හොදම යාළුවත් එක්ක කැපේ එකක දැක්කා ...
සමහර විට තුන්සමේ ද දන්නෑ නේ ..
මුන් දෙන්නා කොටු පනින්න හදනවාද දැන්නෑ නේ ...
සැක් අප්රසන්නයි ,අජූතයි ,අසම්මජ්ජාතියි කුජීතයි ...හිරිකිතයි ..!
ඒත් කවදාවත් ම නැතුව සැරියේ ඉස්කෝලේ ට ටික දුරක් තියලා ඇල්ල හරියෙන් නවත්තනකොට පිටිපස්සෙ ම සීට් එකේ අයිනෙම කොණේ හිටපු මන් බස් එකෙන් එළියට ඔලුව දැම්මා ...
දාන ක්ෂනිකෙන් ඔලුව ආපහු ඇතුළට ගත්ත පාර අපේ කල්ප නිදුක් ,දනුක මන් දිහා බැලුවේ .
' උඹට පිස්සුද ' වගේ බැල්මට් එකක් දාලා ...." හුත්තෝ ...." මන් හිතුවට වැඩිය හයියෙන් ඒ වචනේ කියවුණාද මන්දා බස්එකේ හිටපු පොඩි උනුයි ..චිංචිමානිකාවියොයි මන් දිහා බැලුවේ ජීවිතේට කුණුහරපයක් අහලා නෑ වගේ ..! මන් දන්නවා වචනය පොඩ්ඩක් වොයිස් වැඩිවුණා ....ඒත් මෙහෙමයි ...
" මොකද බොල තෝ මේක අස්සෙ කුණුහරප පලන්නේ ...." දනුක මාව කොනිත්තන ගමන් ඇහුවා .
" ආව්හ්හ් යකෝ කොනිත්තන්න එපා ..කැ#රි#යෝ ..බලපන් පොඩ්ඩක් ඉස්සරහ අපේ පාසලේ ඒකාධිපති පාලක හිච්චි හිට්ලර් නගිනවා ...ආය මට කතා කරන්නෙපා ...මන් නම් බස් එක මින් මත්තට අනික් පැත්ත පෙරලුනත් ඇස් අරින්නෑ ...!" මන් එහෙම කියලා ඇස් පියාගෙන ශටර් එකෙන් ඔලුව තියාගත්තා ..
ආහ් .......උඹලට දැනෙනවද ඒ ආද්යාත්මික සුවය ...
YOU ARE READING
සැරිය ..🚌
Non-Fictionමේක තනිකරම , ජීවියත් වුණ ආදරයක් ...! සැරිය නවාතැන්පොළ වුණ ....!