පෙර කොටස 🚌
ඒ හිටියේ දම්රු අයියා ..
වයලින් එකක් ප්ලේ කරනවා ..
මුළු මියුසික් රූම් එකේම හිටියේ
යුරාද් අයියායි සචින් අයියයි එයයි විතරයි . ඒ වයලින් එකෙන් ප්ලෙ වුණ සිංදුව මගෙ තොල් වලින් මිමිනුනේ මන් වත් නොදැන ..ඉකිගසා හඩන අතීතයක ...
කදුළු එක්ක ගනුදෙනු කරනා ..
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා ..//මතුසම්බන්දයි ..🚌
' අඩෝහ් .......තිසා ..." කෑවා කෑවා .....ඉදකින් පරයා මුගෙ කට නම් වක්කඩක් ..!
මං ඒ වයලින් හඩට සම වැදිලා ඉන්නකොට ඒ දැහැන බින්ද කල්ප කියන බූරු උත්තමයා ..!
ඒ සද්දෙට දම්රු අයියා යකඩයා වගේ ඉස්සරහට ඇවිදගෙන එනකොට අරූගෙ මූණ නිකන් පැණි මුට්ටියක් වගේ .' යමන් යකෝ අර පේන්නැද්ද අර යකා එනවා නිකන් රතු රෙද්ද දැක්ක ගොනා වගෙහ් ...' මන් කිව්වේ ඈත තියා දැක්ක මූණ එච්චර හොද නැති නිසා .
' යකෝ ...උඹෙ මිනිහා නේද ...? කතා කරලා විසදගනින් කෝ ....'
මුගෙ අම්මට .... ඒත් එක්කම මන් කල්ප ගේ මූණට එකක් දමලා ඇරියා .මොන මගුලක් ද හැමදාම උද්දික පුතාට කියලා තියනවා .
ඒ එක්කම අපි ඉන්න පැත්තට එන්න ආපු දම්රු අයියා එතනම නැවතෙනකොට මන් කල්පවත් ඇදන් ක්ලාස් එකට දිව්වා . පිස්සුද මන්දා ඌට .......' යාහ්......තිසා උඹ අතුගාන්න කම්මැලි කමට රිංගුවා නේද ලයිබ්රිය අස්සේ ........තෝ නම් ඉදපන් කෝ මන් සචින් අයියට අල්ලලා දෙන්න ....! ' දනුක කියනකොට මන් උට ඔරෝලා වාඩි වුණා .
' මේ ඒක නෙවෙයි බන් ...ඉස්කෝලේ 110 වෙනි Birthday එක සමරනවා කියන්නෙ ...! ' නිදුක් කියනකොට සෑහෙන්න සීරුයස් බැල්මට් එකක් දාගෙන නිදුක් කතාවට එන්ටර් වෙනකොට අපි සෙට් එකත් ලෑස්ති වුණේ නිදුක් ගේ ජාතියේ කතාව අහන් ඉන්න .ඒවා සොරි ඩොට් කොම් ඒයිහ් මීඩියා සර් කාරයා ආවේ අපේ චිතඃ ප්‍රීතිය නැති කරලා පීරියඩ් දෙකක් පොරගෙ වැල් බයිලා අහන් ඉන්නවා කියන්නෙ ඉතින් සම්මා ...සැප කනේ ...
පව් ශශීරයයි කල්පයයි උන් දෙන්නා තමයි අපේ සෙට් එකේ මීඩියා කාරයෝ දෙන්න ......
පෞ ඕයිහ් ...සෑහෙන්න දුකක් ...ජුන්ඩෙ ඉදලා පලාගෙන එනවා ...! දුක ....
උන්ට මීඩියා ඇරෙන්න වෙන සබ්ජෙක්ට් එකක් තිබුණේ නැද්ද ..කියලා අහනකොට උන්ගෙ උත්තරේ මාර ව්‍යුත්පන්නයක් ඕයීහ් ...