පෙර කොටස 🍂🕊️
ඒ එක්කම මන් නැගිටලා කාමරේ වටේ වටයක් දාලා පොත් මේසෙට ගියේ පාඩම් කරන්න ...
මන් කරපු සබ්ජෙක්ට් වලින් මන් කැමති ම සබ්ජෙක්ට් එක වුණේ ලොජික් ...
කවදාවත් කම්මැලි හිතුන නැති සබ්ජෙක්ට් එකක් ...!ඒත් එක පාරම ආපු හොනට් බයික් ..එකක සද්දයක් නිසා මන් ජනේලෙන් ඔලුව දාලා බැලුවා ...
හරිනේ ...ඔය ඉන්නෙ දවල් ආපු එකාමයි ...
මූ මොකද මා පස්සෙ පන්නන්නේ ...! මන් ඇවිදින ගමන් කල්පනා කලා ...
හරියටම මන් ඌට පේන්න ගිහින් විනාඩි දෙකකට පස්සෙ ඌ ආයෙමත් යන්න ගියා ....
කවුද උඹ ...
මන් හොයාගන්නම් කෝ ....
ම්ම්ම් ....කවුද මේ හොනට් මෑන් කියලා ........
මතුසම්බන්දයි 🚌
අද කොටස 🚌
පහුවදා සෙනසුරාදා ...අරුන්ටත් මැසේජ් එකක් දාගෙනම අපේ පැත්තෙන් 7.10 CTB බස් එකේ නැග්ගේ අරුන්ටත් බස් එකට නගින්න ..කියලා .ඊට පස්සේ බස් එකට ,කල්ප, දනුක ,නිදුක් ,ශශීර වගේම සෙනුක ත් නැග්ගා .අන්තිමට අපි ඔක්කොම ආවේ සීතා එක ළගට ....
හරියටම කිව්වොත් මේ තමයි අපේ ටවුන් එකේ ටියුෂන් ලේන් එක .....
සෙනසුරාදා ,ඉරිදා කියන්නෙම ආය මාර සෙනගක් ඉන්න දවස් දෙකක් ...!
තනිකරම ඒලෙවල් ළමයි .." මෙහ් තාම 7.40 නේ බන් ...බඩගිනි ඕයී ..." කල්ප කිව්වේ ඇගමැලි කඩන ගමන් .
" ම්න් ..' සෙනුක හූමිටි තියන ගමන් පෝන් එක ඔබන ගමන් හිටියේ .
ඒ එක්කම මන් වට පිට බලනකොට හැමදාම වගේ මන් පස්සේ පන්නන හොනට් එක තිබුණා .අයිතිකාරයා නෑ ....
මට එවලේ මතක් වුණා මට නිදුක් හොයලා දෙන්නම් කියපු එක ..!" මේ නිදුක් උඹ හොයාගත්තද ..? .." මන් අහනකොට නිදුක් ගේ තිබුණු අසාර්ථක මූණක් ...
" මටම හිතාගන්න බෑ බන් ...උඹ ඔය කියන හොනට් එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ ...කාටද කියලද උඹ හිතන්නෙ ..." නිදුක් ඒක අහපු විදිහට තේරුණා තිදැස් පුතාට හොද කෑමක් සෙට් වෙනවා කියලා ..
" කාගෙද බන් ..." මන් ඇහුවේ මට එහෙම සැක කරන්න එකෙක් හිටපු නැති නිසා ...
YOU ARE READING
සැරිය ..🚌
Non-Fictionමේක තනිකරම , ජීවියත් වුණ ආදරයක් ...! සැරිය නවාතැන්පොළ වුණ ....!