Two..🍂

163 24 18
                                    

නාටිකාංගනාවන් ගේ කුටියන් දෙසට ගිය රුද්‍රාක්ශි කුමරිය  ඉතාමත් ප්‍රවේශම්ව සෙබලුන්ගේත් දෑස් වලටද නිරාවරණය නොවී...නව නාටිකාංගනාව කන්නගී ගේ කුටියට පිවිසුනහ.. එහි ඇති බඩු බාහිරාදිය දැක,

"දේව මෑණියනේ, මෙම කුටියේ ඇති සුකුරුත්තන්...කයිලාශයේ වෙලදපොලට පැමිණියා හා සමානයි නොවෑ...මේ  සියල්ල එකිනෙක පිරික්සන්නට ගියෝති හෙට දිනයේ හිරු උදාව සිදුවේවී...වැදගත් යැයි සිතෙන දෙයක් පිරික්සීම නුවනට හුරුයි.."

"ආහ්....මේ තිබෙන්නේ විසාල පෙට්ටගමක්...කෝ බලමු...මේසා විශාල පෙට්ට ගමක බහාලාගෙන මේ උඩැක්කිය කුමක් රැගෙනවිත් ද කියා..ආයුද සගවා තිබේද යැයි කවුරුන්ද දන්නේ..."

එසේ සිතමින් විශාල පෙට්ටගම විවෘත කල රුද්‍රාක්ශි කුමරිය එය පිරික්සන්නට උනා..නමුත් එහි විශේෂ යමක් දැක ගන්නට නොලැබීම නිසාවෙන් එහි ඇති බඩු බාහිරාදිය ඒමේ අත විසිරුවා දමමින් සිටි රුද්‍රාක්ශියට ගතවන කාල වේලාව පිලිබදව නිනව්වක් නැති වී ගියාය...

මේ අතර සාදයේ තම ගායනයන් හා නර්තනයන්  අවසන් වූ නිසාවෙන් රාජකීය නාටිකාංගනාවන් තම තමන් ගේ ලැගුම් ගන්නා කුටින් දෙසට පැමිණෙමින් සිටී...

"කුමරුවන් අබින්ද්‍ර ගේ වසග වන සුලු මදහස..මා හට නම් ඉවසා දරා ගත් නොහැකියි පාරෝ...
ඒ වාගේ දේහදාරියෙක් මා මේ පුරයේ වෙන කොහේවත් දැක නෑ...ඒකට එකක් තෙරපී ඇති ඒ මස් පිඩු...."

"මෘදාංගී තිව කුමරුන්ගේ සිරියහන් ගර්භයට ගොස්හැරලන්නද..."

"ඒ මහා පුන්‍යකර්මය සිදු කිරීමට ඔබට හැකියිද...පාරෝ...එසෙ වුවහොත්...මාගේ හා කුමරු අබින්ද්‍ර ගේ පලමු දියනිය පාරෝ ලෙසට නම් තබනවා...සත්තයි..."

"උඹගේ නම් මොල ගෙඩිය එන්ට එන්ටම නරක් වෙන බවක් පෙනි යන්නේ....කට වහන් වර මෘදාංගී.. තී උන්මත්තියක් වාගේ තෙපලන බස්  රාජකීයෙක්ගේ කන වැකුනෝතින්...තීව උල තියාවි උල"

තමා සිටින කුටියට ආසන්න කුටියෙන් තම සවනට වැකුන මේ දෙබස් මාලාව රුද්‍රාක්ශි කුමරියගේ පිරික්සීම් කාර්යයේ අවදානය බිදීමට සමත් විය..

සබදිනී මා ඔබේ....Where stories live. Discover now