Three..🍂

190 23 37
                                    

සාමාන්‍ය වූ මසක නිමාවෙන් පසුව දින කර උදාවෙන් පසු සුපුරුදු ආකාරයෙන් කයිලාශයේ සියලු ක්‍රියාවන් සිදු වෙමින් පැවතිනි...මේ අතර තුර රුද්‍රාක්ශි කුමරිය විසින් තම සේනාවේ අති දක්ශ රහස් ඔත්තුකරුවෙකු වන නීලන් සමග සංවාදයක යෙදෙමින් සිටියේ..රාජ මාලිගයේ යුද සැලසුම් කුටිය තුලයි....

"මෙය කල යුත්තක් නීලන්...රජතුමන් මා හට පැවසු ආකාරයට නාගේන්ද්‍රන් යනු දිය යටින් ගිනි ගෙන යන්නෙක්...පිය රජුන්ගෙන් මේ කාරනය දැන ගත් දා පටන්... ප්‍රමාදවීම නුසුදුසුයි කියා මා හට සිතුනා...ඔබ ඒ රාජ්‍යයට ඇතුලු වී සාමාන්‍ය ජනයාගෙන් කිසිවෙකුටත් හානීයක් සිදු නොකොට..මා පැවසු තොරතුරු පමණක් සොයාගෙන මා වෙතට හසුන් පත් එවන්න.."

"මෙහි නුඔට අවශ්‍ය වන සියලු දේ තිබෙනවා නීලන්...එසේම ඔබට එහිදී තවත් දේවල් අවශ්‍ය වුවහොත් දන්වා එවන්න..මා මෙම රාජ්‍යයේ තවත් සෙබලෙකු මසකට වරක් එහි එවීමට කටයුතු කරන්නම්.....රාත්‍රි අන්දකාරය වැටීමට පෙර අතාර්වය බලා පිට වන්න නීලන්.."

"මා ඒ අයුරින්ම සිදු කරන්නම් සෙනාදිපතිනියනී..."

"ම්ම්ම්..ඔබට ජය...!"

යුද සැලසුම් කුටිය තුලින් පිටතට පැමිණි රුද්‍රාක්ශි කුමරිය තම සොහොයුරු අබින්ද්‍ර සොයා ඔහුගේ කුටිය වෙත පිවිසියාය...

"අබින්ද්‍ර...මලයන්ඩී...කුමක්ද ඔය සිතියමක් අතැතිව සිදු කරනුයේ...එයත් අපගේ කයිලාශයේම සිතියම...ඇයිද..නුඔ හට දැන් මාර්ගයන් මතකයේ සිටින්නේ නැතිද?..."

"එසේ නොවේ අක්කන්ඩි...නුඔ පෙර දිනයක මා සමග කතිකා කෙරු විදෙස් වෙලදාම පිලිබදවයි මා සිතමින් සිටියේ...අප විසින් ගමනාගමනය සදහා මුහුදු මාර්ගයන් බාවිතයට යොදා ගන්නේ නම් එයට සුදුසු,බාදාවන්ගෙන් තොර,ආරක්ෂාකාරී මාර්ගයන් සොයාගත යුතු නොවේද?"

"ම්ම්ම්ම්..සත්‍යයක්, එයනම් මානාව වැදගත් කරුණක්...අප දේශයේ නැවියන් මෙන්ම අපගේ නිශ්පාදනයන්ද සුරක්ෂිතව තිබූවොත් පමනයි අපට වෙනත් දේශයන් සමග ගනුදෙනු කල හැක්කේ...නුඔ බුද්දිමත් වී ඇති හැඩයි අබින්ද්‍ර..."

සබදිනී මා ඔබේ....Where stories live. Discover now