රාත්‍රි රාජ සබාවේන් අනතුරුව කන්නගී ගේ කුටියේ ද්වාරය වෙත ආ රුද්රාක්ශි කුමරිය ඇයට රහසින් ආමන්ත්‍රණය කරන්නට විය...
"කන්නගී...මා රුද්රාක්ශි කුමරිය...මේ ද්වාරය විවෘත කරන්න...."
"කන්නගී...."
"කන්නගී.."
"කුමරියනී...නුඔ පැමිණියාද.."
"මෙපමණ වේලාවක් මාගේ හඩ නෑසෙන්නට තරම් නුඔ කුමන කාර්යක නිරත වූයේද කන්නගී..."
"මා කුමන කාර්යකවත් නිරත වූයේ නැත කුමරියනී..නුඹේ මුනු මුනු නාදය මා හට ඇසුනේ නැහැ..."
"ඉතින් මා හට හැකියිද හඩ නගා මෙහි විත් මේ රාත්‍රියේ නුඔව අමතන්න...අනෙකුත් නාටිකාංගනාවන් ගෙ කන වැකුන හොත්...හෙට දිනයේම ඔවුන්ගේ කටකතා වලින්ම පමනක්ම නුඔ ගර්භනියක් වේවි කන්නගී..."
එසේ පැවසුව රුද්රාක්ශි කුමරිය එහි තිබු යහන මතින් අසුන් ගෙන කන්නගීව තම උකුල් තලය මතින් තබා ගත්තාය...
රුද්රාක්ශි කුමරිය ගේ ඒ වදන් හේතුවෙන් සිනාපහල වු කන්නගී තම හස්තයන් කුමරියගේ ගෙල වටා යැවීය....
"ඉතින්, එසේ වුවත් එහි ගැටලුවක් නැහැනේ ව මාගේ කුමරිය...කට කතා වලින් හෝ මා ගැබ් ගන්නේ නුඔගේ දරුවාත් සමගනේ..."
"හහ්...ඒ මාගේ දරුවා නොවෙයිනේ කන්නගී"
"එසේනම් මොකාගේද?"රුද්රාක්ශි කුමරිය ගේ ඒවදනින් මුව හකුලා ගත් කන්නගි නුරුස්සන් ස්වරයෙන් ඇසුවාය..
"ඒ දරුවා ඔබගේ යෙහෙළියන්ගෙ කටකතා මගින් උපදින්නේ නම් දරුවා ඔවුන්ගේ නෙව...මාගෙ නොවේ....මා පවසනුයේ සත්‍යයක් නොවෙද අහ්...කිමද ඉතින් නුඔ මා හට පෙනය පුප්පනුයේ..."
"හුහ්.....සත්‍යයක් වුවත් මා එය පිලිගන්නේ නැහැ..
කුමරියනී,මා හට තිබේ ඔබෙන් යමක් විමසා දැන ගැනීමට..?""ම්ම්ම්...කුමක්ද කන්නගී..?.විමසනු ඉතින්.."
"නුඔ මේ රාජ්‍යයේ කුමරිය...එසේම මා මේ රාජ්‍යයේ තවත් එක් නාටිකාංගනාවනක්..මා මේ රජවාසලේ වෙනත් ස්ත්රින්,පුරුෂයන් ඉදිරියේ ගායනයේ නර්තනයේ යෙදෙන තැනත්තියක්...එසෙම කුමරිය හොදින්ම දැන ගන්නට ඇති ඇතැම් පුරුශයන් ඔවුන්ගේ මනසින් පවා මාගෙ සිරුර විනිවිද දකිනවා කියා...ඉතින් නුඔ කෙසේද කුමරියනී මා ඔබේ ආදරවන්තිය ලෙසට තෝරා ගත්තේ..."
YOU ARE READING
සබදිනී මා ඔබේ....
Historical Fictionරාජ උදහසට ලක්වෙන්නද කුමරියට වුමනාව ... රාජ උදහසට නොව දේව උදහසට ලක් වුවත් නුඔව අතහැරීමට මේ රුද්රාක්ශි සූදානම් නෑ කන්නගී...! 🍂