කයිලාශයේ දාන්‍ය නව්කාවට සිදු වූ පහරදීම හේතුවෙන් අදික ලෙසින් කෝපයට පත්ව අතාර්වය බලාපිටත් වූ රුද්‍රාක්ශි කුමරිය සත් දිනක් මුලුල්ලේම ඒ දේශයේ සාමාන්‍ය ජනයා අතරට වී තමාගේ දේශයට අවැඩක් සිදු කිරීමට උත්සහ දරන්නා වු නාගේන්ද්‍රන් රජු පිලිබදව තොරතුරු රැස් කරන්නට වුවාය..
නාගේන්ද්‍රන් රජුගේ සෙබලෙකුගේ වෙස් ගෙන සිටින නීලන් ගෙන් රාජ මාලිගය තුල තොරතුරු විමසා දැනගත් පසුව මාලිගයට ඇතුලු වීමට අවස්තාවක් සලසා දෙන ලෙසට නීලන් හට අන ලබාදුන් රුද්‍රාක්ශි කුමරිය..නීලන් ගේ උපකාරයෙන් මාලිගයට පුශ්පයන් ගෙන යන කුලයේ ස්ත්‍රියකගේ වෙස් ගෙන ඒ තුලට පිවිසීමටද සමත් වූවේය..මේ ආකාරයෙන් එහි සිදුවූ..සිදු වන්නා වු සියලුම ආකාරයේ කුමන්ත්‍රණයන් පිලිබදව කරුණු සොයාගත් කුමරිය නැවතත් කයිලාශය බලා එන්නට විය...
..............................................................................................
"එසේනම් එයයි සිදු වී තිබෙන්නේ අක්කන්ඩි...අතාර්වයෙන් මෙතරම් පහත් ආකාරයෙ හැසිරීමක් බලා පොරොත්තු වුයේ නම් නැහැ සත්‍ය වශයෙන්ම..."
"එහි පුදුමයට පත් වන්නට දෙයක් නොවේ අබින්ද්‍ර..මා හොදින් දුටුවා ඒ දේශයේ තිබෙන්නාවු තත්ත්වය...නාගේන්ද්‍රන් සියලුම ජනයා සූරාගෙන කනවා...සොරකම්,මැරකම් සියල්ලක්ම මේ සත් දින ඇතුලත මාගේ හිසෙහි කෙස් ගානට මා දුටුවා.."
"නාගේන්ද්‍රන් කිරීමට ඇති සියලු පහත් වැඩ කිසිම පැකිලීමකින් තොරව සිදු කරනවා අබින්ද්‍ර..අතාර්වයේ රජුන් වීදී සරනා දිනට නිවෙස් වල දියනියන් මාපියන් විසින් සගවනවා...නුඔට වටහා ගන්නට හැකිනේ ඒ දේශයෙහි තත්වය...අපි නියතයෙන්ම අතාර්වය ආක්‍රමණය කල යුතුයි අබින්ද්‍ර...නමුත් අප පහර දිය යුත්තේ නාගේන්ද්‍රන්ට සහ ඔහුගේ සේනාවට පමනයි...කිමද එහි ජනයා බලා සිටින්නේද..ඔවුන්ගේ ගැලවුම් කරුවෙකුගේ ආගමනයක් සිදුවන තුරුයි..
නාගේන්ද්‍රන් ගේ සේනාව තව දින දෙකක් තුලදී අපගේ දේශයේ බටහිරින් පහරදීමටයි සැලසුම් කර තිබෙන්නේ...""අක්කන්ඩිය පවසන අයුරින් ඔවුන්ගේ සැලසුම අප දේශයේ සාමාන්‍ය ජනයා සමූල ගාතනය කිරිටයි..කුමන ආකාරයෙ පාපතරයෙකුද මේ..."
YOU ARE READING
සබදිනී මා ඔබේ....
Fiksi Sejarahරාජ උදහසට ලක්වෙන්නද කුමරියට වුමනාව ... රාජ උදහසට නොව දේව උදහසට ලක් වුවත් නුඔව අතහැරීමට මේ රුද්‍රාක්ශි සූදානම් නෑ කන්නගී...! 🍂