🖤 10

82 10 77
                                    

කිසිම වැඩක් නෑ....මගුල....මොන උත්තක්ද මේ...සිතාන්ට බටර් පාරක් ගාන්න ඕන ගිහිල්ල....ඇයි යකෝ බාර් එකකට යන්නවත් බයික් එකක් නෑනෙ...

මගෙ තියන විශේශත්වෙ තමා මට ඕන තරම් බොන්න පුලුවන්...හැබැයි ලිමිට් පැන්නුවොත් විතරයි වෙරි වෙන්නෙ...එතකොට ඉතිම් වෙරි බෑඩ් තමා...දවසක් මන් එහෙම්ම කෙල්ලෙක්ව කිස් කරල ඒ කෙල්ලගෙන් ගැලවෙන්න දවස් ගානක් ගියා ඇයි යකෝ අයියෙ ඔයා ස්වීට් බීට් ගගා පස්සෙන්ම ආවනෙ...ඊක්කිය මට නම් කෙල්ලො කියන ජාතිය එපා උනේම ඒකිගෙන් පස්සෙ...එදයින් පස්සෙ නම් මන් බාර් එකට ගියෙ නෑ ටික දවසක් යනකම්...පස්සෙ ගියා ඉතින් ඒක වෙනම කතාවක්...සිතාන් මෙව්ව දන්නවනම් මාව එක්ටැම්ගෙයි හිර කරන්නෙ...

දැන් කොහෙද දන්නෙ නෑ...

අපෙ වෙඩින් එකට තියෙන්නෙ තව දවස් තුනක් විතර වෙද්දි සිතාන්ව හොයා ගන්න බැරි තරම් බිසී වෙලා තිබුණ....එයත් එක්ක මන් හිටපු කාලෙ දැන් කලින්ටත් වඩා අඩු වෙලා තියෙද්දි එයා ඒ හැම දේම මෙයින්ටෙයින් කරගෙන නිදහසක් ලැබුණු වෙලාවට ඇවිල්ල මාව බලල පරිස්සමින් ඉන්න කියල යනව...ඒත් මන් ඒ හැම වතාවෙම ගෙදරින් එලියට බැහැල බාර් එකට යන්නෙ සිතාන්ගෙ ගාර්ඩ් එකේ අයත් දැන් අඩු නිසා....මොකද එයා කියනව මට උඹව විශ්වාසයි ඒක නිසා බොරුවට ගාර්ඩ් දාල පරිස්සම් කරන්න ඕන නෑ කියල...ඒ විශ්වාසෙ මන් රකින්න එපෑ ඉතිම්...
තව එයා කව්ද මන්ද කෙල්ලෙක්ට එන්න කිව්වලු අර හෑල්ල කියවන්න...කව්ද කියල නම් මන් හරියට දන්නෙ නෑ....මොන හෑල්ල හරි කමක් නෑ...වෙඩිම වෙනව නම් ඕන එකක්....ඒ වගේම අපි පෝරුවේ චාරිත්‍ර අනම් මනම් වානා...ඔය මගුල් කරන්න නෑ කියලම තමා සිතාන් කිව්වෙ
කෙලින්ම හොටෙල් එකේ වෙඩින් එක ගන්නවලු...

ඒකට නම් හැබැයි මාත් කැමතියි...වෙඩිම තනිකරම දෙමළ කතෝලික මික්ස් එකක් වගේ...දෙකේම චාරිත්‍ර මික්ස් වෙලා තියනව....

ඔහේ මංගළ ගීත කියල සමරනවට වඩා මේ ක්‍රමේට මන් ආස උනා....

ඔන්න වාහමේ සද්දෙ ඇහෙනව...සිතාන් ඇවිල්ලද කොහෙද

මන් දන්නෙ නෑ මේ ඇයිද කියන්න...ඒත් ටික දවසක ඉදන් මන් උඹට පිස්සුවෙන් වගේ ආදරේ කරනව බන්...ඒත් මන් පෙන්නන්න කැමති නෑ....කොහෙත්ම බෑ....ඒත් මට කියන්න ඕන මන් උඹට ආදරෙයි කියල...උඹ වෙනුවෙන් මට ලෝකයක් මරන්න පුලුවන්...මොකද මන් වීරයෙක් නෙමේ...මගෙ ආදරේ හුගක් වෙනස්....මන් දන්නව උබ කියන්නෙ මටත් වඩා කෙරුමෙක් කියන්න...ඒත් යකෝ උඹ දන්නවද මෙහෙම පැලීගෙන ආදරේ කරන එක මොනවගේද කියන්න...සමහර විට මන් මේ ගත්ත තීරණේ වැරදි ඇතිද...කමක් නෑ වෙන දේකට මූණ දෙනව...තමුසෙට මන් වෙලාව ආවම මගෙ හිතේ තියන හැගීම් කියන්නම්....

සිමධුර (ongoing)Where stories live. Discover now