#මුවැත්තී_මගේ
මොන මගුලක් වෙලාද මන්ද නින්ද යන්නෙත් නෑ කවදාවත් නැතුව. මේ කෙල්ලනම් මහ ඇණයක්. මේකි නිසාද කොහෙද නින්ද යන්නැත්තෙ. ආයෙම උඩුබැලි අතට හැරුණ මම. කෙල්ලත් නිදිනැද්ද කොහෙද එහෙට මෙහෙට හැරි හැරී ඉන්න හැටි පේනවා."අයියෙ "
කල්පනා කර කර හිටපු මට ඇහුණෙ කෙල්ලගෙ හීනි කටහඬ. සිවිලිමටත් රවන් සද්ද නැතුව හිටියා.
'මොන රෙද්දකට කතා කරනවද මන්ද නිදාගන්නැතුව. මගුල'
මට නින්ද යන්නෙ නැති එකත් ඒකිගෙ පිටින් දාලා මම රවන් හිටියෙ.
"අයියෙ..ඔය නිදිද?"
ආයෙම බයෙන් බයේ වගේ අහනව හීමිච්චන් කටහඬකින්.
"නෑ ඇයි තමුසෙ නිදිකරවන්නද අහන්නෙ?"
මම ඇහුවෙ ටිකක් තදින්.
"අනේ නෑ"
මේ කෙල්ලගෙ මුල් ළමාවියනම් සංවර්ධනය වෙලාම නෑ. ශික් කියන මෙලෝ මගුලක් ඒකිගෙ මොළේට යන්නෑ.
"ඇයි?"
පව් කියලත් හිතෙනව. ටිකක් ශේප් එකේ ඇයි කියල ඇහුවෙ. ඒ පාර මේකි බිම ඉඳගෙන ඇඳ උඩින් කොකා වගේ බෙල්ල දික් කරල මගෙ දිහා බැලුව. අනේ මන්දා. තනිකරම මොංගල් නැවක් මේ කෙල්ලනම්.
"මම බාත්රූම් එකෙන් වොශ් එකක් දාගත්තට කමක් නැද්ද?"
ඇස් දෙකත් අමුතු විදියට බෝල කරන් බයෙන් බයෙන් ඇහුවෙ කෙල්ල.
"හ්ම්"
මම හුම් කීව තප්පරේට කෙල්ල නැගිටලත් ඉවරයි. පව් කියපු විදියට කෙල්ල ගෙදරින් ඊයෙ රෑ පැනල ආපු ගමන්.එපාවෙලා ඇති ඒ ඇඳුම පිටින්ම ඉඳලා. ඒත් වොෂ් දැම්මට මේ කෙල්ල අඳින්නෙ මොනවද.
"ඒයි,දැන් වොශ් දාලා තමුසෙට අඳින්න ඇඳුම් තියනවද?"
මම අහද්දි බාත්රූම් එකේ දොර ගාව නැවතිලා හැරුණ කෙල්ල අතින් කටවහන් ඇස් දෙකත් ලොකුකරල බලනව ඒ පාර. මොංගල් වහන්ගතේට දැන් තමා ඇඳුම් නෑ කියල මතක් වෙලා තියෙන්නෙ.
"එක්කො කමක් නෑ මම මේකම අඳින්නම්"
එහෙම කියපු කෙල්ල ආපහු යන්න යද්දි මම නවතින්න කිව්ව.
YOU ARE READING
මුවැත්තී මගේ
Non-Fiction"ඔක්කොටම කලින් කියපන් උඹ කොහොමද කාමරේ ඇතුළට රිංගගත්තෙ ?" ඉණටත් අත් දෙකක් තියන් මම ඇහුවෙ මරන් කන්න වගේ බැල්මකින් ඒකි දිහා බලල. "අ..අතනින්" 2020 ලියපු කොටස් හතරක කතාවක්....