#මුවැත්තී_මගේ
#අවසානය
' මේ හෝන්තුව මොන රෙද්දක් කරනවද. හිටපන්කො ඇතුළට එනකන්'
හිතින් ඒකිට පළු යන්න බැන බැනා මම ජනේලෙන් ඇතුළට පැනලා ලයිට් එක දැම්මා. එතකොටයි දැක්කෙ මේකි බෝලයක් වගේ ගුලි වෙලා හොඳට නිදි මගෙ ඇඳේ.
"ඒයි"
මම කෙල්ලගෙ උරහිසකට අතක් තියද්දියි තේරුණේ කෙල්ලගෙ ඇඟ රස්නෙයි. නලලට අත තියල බලද්දි කෙල්ලට හොඳටම උණ.
'හරි නියමයි. කොරේ පිටට මරේ. තෝ දැන් ලෙඩ්ඩුන්ටත් සාත්තු කරපන්කො'
මම මටම බැනගත්තට කෙල්ලගෙ අහිංසක පාට මුණ දකිද්දි මොකක්දෝ දුකක් දැනුණා.
මම එහෙමම ඉක්මනට වොශ් එකක් දාන් ශෝටෙකටයි ටී එකකටයි මාරු වෙලා කෙල්ල ගාවට ආවා. නම මතක් වෙන්නෙත් නෑ හදිස්සියට. දිවපැටලෙන රෙද්දෙ නම් මුන්ට මොකට දානවද මන්ද."ඒයි"
මම කෙල්ලගෙ උරහිසකට තට්ටුවක් දැම්මා. ගාණක්වත් නෑ මේකිට. අසනීපයි කියල යකෝ කතා කරනව ඇහෙන්නැද්ද.
"ඒයි..නැගිටිනවා"
පොඩ්ඩක් කෙල්ලව හොල්ලල කරල ඇහැරවගත්තා යන්තම්. හෙමීට ඇස් ඇරපු කෙල්ල නිකන් මේ දැන් අභ්යවකාශෙන් ඇඳ උඩට වැටිල වගේ බලන් ඉන්නව මගෙ දිහා.
"ම්ම්හ් ඔයා ආවද?"
කෙල්ල මලානික මූණෙන් හිනාවෙද්දි පව් කියල හිතුණා. අනේ මන්දා මොන මගුලෙ අනුකම්පාවක් හිතට ඇවිල්ලද මන්දා. කෙල්ල ඉස්සරහ හිත මහ අමුතු විදියට නිවෙනවා.
"උණ නේද ?"
මම ඇඳේ පැත්තකින් ඉඳගෙන අහද්දි කෙල්ල කලබලෙන් ඇඳේ ඉඳගත්තා.
"අනේ අයියට උණද?"
ඒ කරලා අතක් අරන් මගෙ නලළත් තියල බලනවා. මේකිට උණවිකාරෙද මන්දා.
"මට නෙමේ ඕයි තමුසෙටනෙ උණ. "
මගෙ නළල උඩ තිබ්බ කෙල්ලගෙ අත අල්ලගන්න ගමන් මම කීවෙ.
"මට?"
ඒ පාට කෙල්ලගෙ නළලටම අත තියන් බලනවා.
"අහ්..ඒක තමා ඇඟට අමාරු වගේ දැනුණෙ"
"හ්ම් කෝ නැගිටිනවා. කාල බෙහෙත් මොනා හරි බොමු දැනට"

YOU ARE READING
මුවැත්තී මගේ
Non-Fiction"ඔක්කොටම කලින් කියපන් උඹ කොහොමද කාමරේ ඇතුළට රිංගගත්තෙ ?" ඉණටත් අත් දෙකක් තියන් මම ඇහුවෙ මරන් කන්න වගේ බැල්මකින් ඒකි දිහා බලල. "අ..අතනින්" 2020 ලියපු කොටස් හතරක කතාවක්....