31 කොටස ♡'

1K 134 41
                                    


Thew p.o.v

මම හිටියෙ මාර සැනසීමකින්.... ඒකට හේතුව.... අවුරුදු ගානකට පස්සෙ මම අපෙ අයිය එක්ක මෙහෙම ගමනක් යන්නෙ... ට්‍රිප් එකක්..... ඇත්තටම අතේ ඇගිලි ගානටවත් මම අපේ අයිය එක්ක කොහෙවත් මෙහෙම ගිහින් නෑ...ඒකට හේතු නම් ගොඩයි.... මගෙ ජීවිතේ මට අම්මෙක්ටයි, තාත්තෙක්ටයි දෙන්නටම ඉන්නෙ මගෙ අයිය....දිලේක් ආරද්‍ය... ඌ තමයි මගෙ ලෝකෙ ඉශ්ට දේවතාවා!....

ජීවිතේ අපි හැමෝටම ප්‍රශ්න එනව...ඒවට වැටෙන්නෙ නැතුව මූන දෙන එකා තමා ඉස්සරහට යන්නෙ...ඒකට මම දැක්ක හොදම උදාහරණෙ මගෙ අයිය.... අම්ම තාත්ත නැතුව ඌ මාව උස්මහත් කලා..ඉගැන්නුව...ඒ ගමන් ඌත් ඉගෙන ගත්තා... සල්ලි හම්බ කලා... මගෙ අයිය යකඩ මිනිහෙක්!.. මටත් වඩා මගෙ අයිය නපුරුයි...ඒකට හේතුව...අපිව හුරතල් කරන්න.., ආදරේ දෙන්න කෙනෙක් හිටියෙ නෑ...ඉතින් මගෙ එකා මෙහෙම යකෙක් වෙන එක අහන්න දෙයක්ද...? ඒත්...අපි හැම එකෙක්ගෙන ජීව්තේ හැරවුම් ලක්ශයක් තියෙනව.... ඉතින්...මම හිතන්නෙ මගෙ එකාගෙ හැරවුම් ලක්ශෙ උට හම්බුනා.... උබල හිතන්නෙ ඒ කවුරු කියලද...? ඔව්! ඒ දිසද...


මීගමුවෙ ඉදන් ඌ ආපු දාම මගෙ පෝන් එකේ තිබ්බ දිසදගෙ පොටෝ එකක් දැක්කා... ඌ මගෙන් ඇහුව ඒ කව්ද කියල... මම කිව්වම ඒ මගෙ බෙස්ට කියල ඌ ඔලුව වැනුව...එච්චරයි....ඒත් පහුවදා....ඌ උගෙ නපුරු කමෙන්ම දිසදව අල්ලගෙන....මම මගෙ එකා ගැන දන්නව.... උට කා එක්කවත් සම්බන්ද කමක් තිබ්බෙ නෑ...ඒත් දිසදව දැක්ක දා ඉදන් ඌ වෙනස් උන හැටි.....ඌ වෙනස් උනා!...ඒකට සාක්ශි මම...මොකද මම ඒ හැමදේම ඇස් දෙකෙන් දැක්කා.... මගෙ අයියා කියන්නෙ නොසෑහෙන්න අතීතෙට..අතීත මතක වලට වෛර කරන එකෙක්...ඒත් ඌ දිසද සම්බන්ද අතීත මතක වලට මාර ආසයි...ඒව ඌ මගෙන් අහනකොට මට පුදුමත් හිතුන....


මම උගෙ එක බඩ වැල කඩන් ආව සහෝදරයො....උගෙ වෙනස් වීම් මට හංගන්න බෑ කොහොම කලත්.... මගෙ එකා කොහොමත් ගලක්නෙ...ඒ නිසා ඌ දිසද ගැන තියෙන හැගීම් කියන්නෙ නැතුව හංගන් ඉන්නව...ඒක මට තේරෙනව...ඒත් මට ඒකට ඇගිලි ගහන්න බෑ... මොකද එහෙම උනොත් උට කේන්ති යනව... හැබැයි මම දන්නව...මගෙ එකා කවදාවත් උට දැනිච්ච තැන නැති කරගන්න එකක්නම් නෑ...

මාත්‍රා || Taekook Where stories live. Discover now