🌸 Youth 🌸
"එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වලු නෙ… අපරාදේ… උබලගේ මාමා හිටියානම් තවත් දවසක වටයක් ගහන්න යන්න තිබුනා… දැන් ඉතින් අපිට පාර්ටි දියං…"
ඊළඟ දවසේ පාන්දර… මාමා ගෙදරින් පිටවෙලා ආයිමත් කෑම්ප් එකට යද්දි වෙනදටත් වඩා කලින් ලෑස්ති වුනු ශාන් ඉස්කෝලෙට ආවා… පළවෙනි පීරියඩ් දෙකේ තිබුනේ ඉංග්‍රීසි නිසා ශූයෑන්ග් පීරියඩ් දෙක කට් කරමු කියලා නාහෙන් අඩද්දී ශාන්ව ඒ වගේ වැඩ වලට හවුල් කරගන්න අකමැති වුනු යීබෝ ශූයෑන්ග්ගේ කියවිල්ල ගනන් නොගෙන නිහඩව හිටියත් ශූයෑන්ගේ වාසනාවට එදා ඉංග්‍රීසි ටීචර් පීරියඩ් එකේදි පංතියට ආවේ නෑ…
ඒ වෙලාවෙදි යාළුවෝ පස් දෙනාම හිටියේ ග්‍රවුන්ඩ් එක ලඟ හදලා තිබුනු එළිමහන් වේදිකාවේ…(පල්ලෙහා ග්‍රවුන්ඩ් එක...)
කට්ටියම පංතියට එකතු වුණු ගමන් ශාන් එයාලගේ සම්බන්ධය ගැන මාමා දන්නවා කියලා අනිත් අයට කිව්වත්… මාමා කියපු හැමදේම විස්තර ඇතුව පැහැදිලි කරන්න ශාන්ට අවස්ථාවක් ලැබුනේ ග්‍රවුන්ඩ් එක ලඟට ආවට පස්සේ…
මාමා එයාලගේ සම්බන්ධය ගැන දන්නවා කිව්වම චෙන් බින් ශූයෑන්ග් තුන් දෙනාම එක එක දේවල් කියව කියව එයාලගෙ සතුට පෙන්නුවත් මුල ඉදල තාමත් නිහඩව ඉන්න යීබෝ දිහා ශාන් බැලුවේ යීබොගෙ හිතේ තියන අදහස් ගැනත් දැනගන්න උවමනාවෙන් වෙද්දී ශාන් දිහා බලපු යීබෝ ලස්සනට හිනාවුනා…
"ඔය කවුරු කවුරු කැමති උනත් අනිවාරෙන්ම කැමැත්ත ගන්න ඕන පාර්ශවයෙන්නම් කැමැත්ත ගන්න ලේසි වෙන එකක් නෑ පුතෝ… කුවාන් සරුත් පවුලෙන් වෙන් වෙලා ඉන්න එකේ… වන්ග් පවුලේ තියන නම්බුව නැති කරගෙන කොල්ලෙක්ව කසාද බඳින්න බෝයගෙ පපාගෙන්… ආ..ව් *ත්තෝ… මොකද බං අයින්නේ…"
YOU ARE READING
🌸 Youth 🌸
Fanfiction❤️ """වාව්... මේ වගේ අයත් මේ ලෝකේ ඉන්නවද අප්පා... ඉටි රූපෙකට පන ඇවිල්ලා වගේ...""" 💚 """මොකද්ද එයා මට කතා කරපු නම... 'බෝ...??' ඒ නම ඇහෙද්දී ඇයි මගෙ පපුව මේ තරම් හයියෙන් ගැහෙන්නේ..."""