46. පුදුමය...🌸

88 15 9
                                    

🌸 YOUTH 🌸

දවස් එකින් එක හිතුවටත් වඩා වේගයෙන් ගෙවිලා යද්දී ශාන්ගේත් යීබොගේත් කිසිම වරදක් නැති බව දැනගත්ත පන්තියේ ළමයිනුත් සිද්දවුනු හැමදේම අමතක කරලා ශානුත් යීබෝත් එක්ක පුරුදු විදිහටම කතා බහ කරන්න පටන් ගත්තා… යැංශි කරපු දේ ගැන දැනගත්ත දවසෙදිම ප්‍රින්සිපල් සර් කෙලින්ම යැංශිගේ අම්මට එන්න කියලා යැංශිව පාසලෙන් අස් කරපු නිසා… තමන්ගේ දුව කරපුදේ ගැන තවත් කෙනෙකුට කියන්න තරම් හයියක් නොතිබුනු යැංශිගේ අම්මා… විශේශ හේතුවක් නොකියම යැංශිව ආයිත් පරන ඉස්කෝලෙටම දානවා කියලා ශාන්ගේ නැන්දට කියලා යැංශිවත් අරගෙන ශාන්ගේ මාමගේ ගෙදරින් යන්න යද්දී… ඉස්කෝලේ සිද්දවුනු දේ ගැන නැන්දට ආරංචි නොවෙන විදිහට ඇඟ බේරගන්න ශාන්ටත් පුලුවන් වුනා… යැංශිත් යන්න ගියපු නිසාත්… මියෑනුත් ශාන්ගේත් යීබෝගේත් සම්බන්දය ගැන දැනගත්ත නිසාත් දවස් සාමාන්‍ය විදිහට ගෙවිලා යද්දී… යාළුවෝ පිරිස වගේම ශානුත් යීබෝත් සැහැල්ලුවෙන් පාඩම් වැඩ අරගෙන හිටියත්…. අද දවසේ උදේ නැඟිටපු වෙලාවේ ඉදන්නම් ශාන් ඉන්නේ මූණ එල්ලගෙන… සේරම එපා වුනු ගානට…

"ශනූ… වැඩිපුර නිල් පෑනක් තියනවද…"

"නිල් පෑනක්…"

"ම්න්… මගෙ එක ඉවර වුනා…"

"ආ…"

ලියන් සර් ඔලුවවත් උස්සලා බලන්නේ නැතුව වයින් කරපු ගානට බෝඩ් එකේ ලියාගෙන යන ප්‍රශ්න ටික පොතේ ලියමින් ඉදපු යීබෝ ශාන් දික් කරපු පෑන අතට ගන්න ගමන් ටික වෙලාවකට බෝර්ඩ් එකට තිබුනු අවදානය ශාන්ට දුන්නා…

"ශනූ…"

මාරුවෙන් මාරුවට පොත දිහාත් බෝර්ඩ් එකදිහාත් බලමින් ලියන ගමන් ඉදපු ශාන් යීබෝගේ කටහඩට එක තප්පරේකට යීබෝ දිහාවට ඇස් යවලා ආයිමත් බෝඩ් එක දිහා බලාගත්තේ ලියන එක එක මොහොතකටවත් නවත්තන්නේ නැතුවමයි…

"මොකෝ අද ඔයාගේ මූණ අමුතු…"

"මගෙ… එහෙම එකක් නෑ… මගෙ මූණ අමුතු වෙන්න විශේශ හේතු මුකුත් අද නෑනේ නේද…"

"ඒ උනාට ඔයා අද වෙනදට වඩා වෙනස් ශනූ… මොනවාහරි ප්‍රශ්නයක් නම් හිතේ තියාගෙන ඉන්නෙ නැතුව මට කියන්න…"

🌸  Youth  🌸Where stories live. Discover now