45. වරදට දඬුවම්...🌸

70 7 0
                                    

"උබ මේ දවස් ටිකේම සැරින් සැරේට ගෙදර නවතිනවා… මොකෝ ඉස්කෝලේ යන්නෙ නැත්තෙ මොකක් හරි කුණ්ඩවාලයක් පටලවගත්තද…"

"එහෙම නෑ නැන්දේ… මේ දවස් වල මගෙ ඇඟට ටිකක් හරි නෑ ඒකයි…"

"හ්ම්ම් හ්ම්ම්… එහෙනම් කාමරේට වෙලා ඉදපංකෝ… වත්ත පිටිපස්සේ මල් පැල වගයක් දාන්න පාත්තියක් හදාගන්නත් තියනවා… කමන්නෑ ඒක මන්ම පුලුවන් විදිහට හදාගන්නම්… මහන්සි වෙලා අසනීප වැඩි වුනොත් බෙහෙත් වලට වියදම් කරන්න ඕනෙත් අපිනේ…"

මල් පාත්තිය ගැන ශාන්ටත් ඇහෙන්න සද්දෙන් කියලා අන්තිම හරියෙදි නැන්දා හඩ බාල කරත් නැන්දා කියපු දේ ශාන්ට පැහැදිලිව ඇහුනා… ශාන්ටත් යීබෝටත් පාසල් ගමන තහනම් කරලා සතියක්ම ගෙවිලා ගිහින්… ඉස්කෝලේ සිද්දවුනු දේ ගැන නැන්දට කියන්නත් බැරිකමට ශාන් සමහර දවස් වලදි ඉස්කෝලේ යන විදිහටම ලෑස්ති වෙලා යැංශිවත් මගහැරලා උදෙන්ම කුවාන්ගේ ගෙදරට ගිහින් පාසල් වෙලාව යැන්ලිත් චූටි යීහාත් එක්ක ගතකළත්… හැමදාමත් එයාලගේ ගෙදරට ගිහින් කරදරයක් වෙන්න අකමැති වුනු ශාන් දවසක් දෙකක් විතර නැන්දට එක එක හේතු කිය කිය ගෙදරම නතර වුන…
ශාන් දිහා අමනාප මූණකින් බලාගෙන ඉදපු නැන්දා එයාගේ කාමරේට යන්න යද්දී ශාන් හිමින් හිමින් පඩිපෙළ නැගගෙන එයාගේ කාමරේට ගියේ අසනීපෙන් ඉන්න විදිහටම මුලු දවසම කාමරේට වෙලා ඉන්නවා කියලා හිතාගෙන… 

මීට දවස් කීපයකට කලින් කුවාන් වන්ග්ටත් හොරෙන් යීබෝට අලුත් ෆෝන් එකක් ගෙනත් දීලා තිබුනත්… අද උදේ කෑමට පපා පහලට එන්න කිව්වා කියලා යීබොගෙන් ආපු මැසේජ් එකෙන් පස්සේ මේ වෙනකම් යීබොගෙන් ශාන්ට කිසිම පණිවිඩයක් ලැබුනේ නෑ…
ඇඳේ හරස් අතට පෙරලිලා ෆෝන් එක අරගෙන තාමත් සීන් කරලා නැති යීබෝගේ චැට් එකේ අවසානම මැසේජ් දෙක දිහා බලාගෙන ඉදපු ශාන් ආයිමත් ෆෝන් එක පැත්තකට දාලා කම්මැලිකමින් ඇස් පියාගත්තා…

"""හා….ම්…හෙන කම්මැළි අප්පා… පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ… බින්ගෙන් නෝට්ස් ටික ඉල්ලගත්තට ඒවා ලියන්න හිතෙන්නෙත් නෑ… බෝ ඇයි තාම මැසේජ් එකක් දැම්මේ නැත්තේ… පපා ආයිමත් එයාට මොනවා හරි කිව්වවත්ද දන්නෙ නෑ…"""

🌸  Youth  🌸Where stories live. Discover now