Chapter 15

14 1 7
                                    

තරගකරුවන් සියලු දෙනා තරග කර අහවර විය. දැන් ඇත්තේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම පමණකි. නිවාසාන්තර ක්‍රීඩා උලෙලක මෙන් අවසන් ස්ථාන පැවසු පසුව නිකන් ම පළමු ස්ථානය කුමක් දැයි මෙහිදී දැන ගැනීමට නොහැකි නිසා සියලු දෙනා තුළ ම තම කණ්ඩායම දිනයි දෝ නොදිනයි දෝ සිතා බියක් ඇති විය.

විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන විනිශ්ච්යකරු වේදිකාවට පැමිණීයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට ය.

''තරගයේ තෙවන ස්ථානය හිමිවන්නේ......'' 

''රොකී සහ බෙකී සංගීත කණ්ඩායම..''

''ඔව් දෙන්න අත්පොළසන් නාදයක්.''

''දෙවන ස්ථානය දිනාගනු ලබන්නේ....''

''සූකිරි පැංචෝ සංගීත යුගල....''

''ඔව් දෙන්න ඔවුන්ටත් ඔබගේ උණුසුම් අත්පොළසන් නාදයක්.''

''තරගයේ විශිෂ්ටතම සංගීත කණ්ඩාමය හා ප්‍රථම ස්ථානය දිනාගන්නේ......''

සියලු දෙනාගේ ම සිත වේගයෙන් ගැසෙන්නට විය. කවුරු දිනයි දැයි තමන්වත් නොදැන සිටියේ ය.

කසෙහාය හනෙල්ගේ අත තදින් අල්ලා ගත්තේ ය. මින්ග්යු ඔහුගේ දෑත් එක්කර යාඥා කරන්නට වූයේ ඔවුන් වන්නට කියායි. මේ අතර යොන්ජුන් කිසිත් නොසිතා හොද අවධානයකින් වේදිකාව දෙස බලා සිටියේ කණ්ඩායමේ අනික් පිරිසට ඔහු තුළ වූ ආතතිය පෙන්වා බිය නොගැන් වීමේ අරමුණිනි. එය හොද නායකත්ව ලක්ෂණයක් කියලත් කියන්නට පුළුවන්.

''ප්‍රථම ස්ථානය දිනා ගන්නේ....''

''නැපෝලියන් බොනපාට් සංගීත කණ්ඩායම. ''

''ඔව් දෙන්න ඔවුන්ට උණුසුම් අත්පොළ සන්නාදයක්.''

ඒප්‍රිල් ලව් සාමාජිකයන්ගේ මුහුණ දුකින් පිරෙන්නට විය. ඔවුන්ගේ මහන්සිය අපතේ ගියාක් යැයි ඔවුන්ට දැනිණි. නමුත් යොන්ජුන් ඔවුන්ව දිරිමත් කරන්නට සිතා ඔවුන්ව වැළද ගනිමින් කතා කළේ ය.

''කමක් නෑ.. අපි කෝමත් ප්ලේස් බලාපොරොත්තුවෙන් නෙමේනෙ කළේ. අපි උත්සාහ කළානෙ ඒ ඇති.''

''හනෙල්, අඩන්න එපා කෙල්ලෙ. අපිවත් අඩවනවා ඔයා.'' යොන්ජුන් එසේ පවසා ඇයව වැළද ගත්තේ ය.

Nostalgic DreamWhere stories live. Discover now