Chapter 39

14 2 3
                                    

"අම්මා.. මං වැරැද්දක් නෙමේ අම්මා කරන්නේ"

"අම්මේ.... අයියව ටිකක් තේරුම් ගන්නකෝ."

"මොකක්ද පොඩී කියන්නේ? මං මගේ මහ එකා කොල්ලෙක් ව බදිනවා බලන් ඉන්න ද කියන්නෙ. ආහ්! සමාජෙට විහිළුවක් වෙන්න ද ඕනි. නිකන් එන ආසාවක් නිසා ජීවිතේ විනාස කරගන්නෙපා ටේ. "

මිසිස් කිම් සෝෆාව මතට හිදගනිමින් හිසේ අත ගසා ගන්න වුණා. ටේහ්යන්ග් මිසිස් කිම් අසල දණ ගසමින් ඇගේ අතක් අල්ලාගත්ත ද ඇය ඒ අතින් ඇගෙ අත ගලව ගත්තා.

"ඒ කියන්නේ අම්මාට මාව මාව විදියට ම පිළිගන්න බෑ කියලාද? "

ටේහ්යන්ග් අසරණ ව මෙන් ඇසුවා. ටේහ්යන්ග් එදා ඔහුගේ අම්මට ඔහුට ජුන්ගුක් කෙරේ ඇති කැමැත්ත ගැන කියුවේ අවිශ්වාසෙන් වගේ. නමුත් අවාසනාවකට මෙන් නොහිතූ විදියට මිසිස් කිම්ද ඔවුන්ගේ සම්බන්ධයට විරුද්ධ වුණා. ටේහ්යන්ග් ඒ නිසාවෙන් මානසික ව බිද වැටෙන්නට වුණා. මිසිස් කිම් අසල දණගසාගෙන හිදි ටේහයන්ග් මීටත් එහා කිසිවක් නොකියා එතනින් යන්නට වුණා.

"අයියා..."

නිතීෂ් ටේහ්යන්ග්ව නවත්තන්නට හැදුවා.

"බයවෙන්නෙපා මං මුකුත් කරගන්නෙ නෑ."

ටේහ්යන්ග් ඔහුගේ උරහිසට තට්ටුවක් දමා යන්නට වුණා.නිතීෂ් ගොස් ඔහුගේ මව අසල හිද ගනිමින් ඇය ඇයව පසුපසින් බදාගත්තා.

"අම්මා..."

"පොඩී වචනයක් කතා කරන්නෙ නෑ."

මිසිස් කිම්ද සෝෆාවෙන් නැගිට කාමරය වෙත යන්නට වුණේ විශ්වාසය බිදීමක් වූවාක් ලෙසයි.

නිතීෂ් සිටි ලෙසම සෝෆාවේ ඇන්දට වී සිවිලිම දිහා බලන් ඉන්නට වුණේ මේ ප්‍රශ්නයට කුමක් නම් විසදුමක් වේදෝයි සිතමිනි. ඒත් එක්ක ම නිතීෂ්ගේ දුරකථනයෙහි පණීවිඩ නාදයක් නිකුත් වුණා. ඔහු දුරකථනය අතට ගෙන බැලුවා. ඔහුට විද්‍යුත් ලිපියක් ඇවිත් තිබුණා.

University of the Arts London (UAL)

Dear Mast.Nitish Kim

We are delighted to inform you that you have been selected for the external degrees you have applied for under Fine Arts at the University of the Arts London this year.

Nostalgic DreamWhere stories live. Discover now