Chapter 27

8 1 0
                                    


''නිතීෂ්...''

තම කාරයට හේත්තු වී බිම බලමින් බිංකුණ්ඩෙක් මෙන් පොළොව හාරන්නට වූ නිතීෂ් තමා මෙතෙක් වේලා අසන්නට බලා සිටි හඩ ඇසුණු නිසා එක එල්ලෙ හිස ඒ පැත්තට හැරෙව්වා. ඔහුට පෙනුනේ ඔහු දෙසට මද සිනහවක් දෙමින් සෙමින් ඇවිද එන හනෙල් ය

හනෙල් ව දුටු නිතීෂ්ට තමා නැවතත් පෙර මෙන් සිහිනයක් තුළ සිටිනවා දැයි ද සැකයක් ඇති විය. දණිහිස ගාවට පමණ වූ හතරැස් කර සහිත ලා රෝස පැහැති අත් කොට ගවුමක් හැද ඇගේ දුඹුරු පැහැ දිග කොණ්ඩය කඩා හැලෙන ලෙස දමා තිබූ හනෙල් ව නිතීෂ්ට පෙනුණේ සුරංගනාවියක් ලෙසය.ඔහු ඇය දෙස බලා සිටින්නට වුවද ඇය පැවසූ කිසි දෙයක් ඇසෙන්නට වූයේ නැත.කොටින්ම කීවොත් ඇය ළග විත් ඇගේ අත්ල ඔහුගේ මුහුණ ඉදිරියේ දෙපැත්තට යැවූ විට දී තමා ඔහු පියවි සිහියට පැමිණියේ.

''නිතීෂ්...නිතීෂ්..'' ඇය ඔහුගේ මුහුණ ඉදිරියට එබුණා.

''හනෙල්..''

''අද යන්නෙ නැද්ද?''

''ඔ- ඔ- යා.. ඔයා.. අද හරි ලස්සනයි.''

ඔහු ගොත ගසමින් පවසද්දී ඔහුගේ මුහුණ ජම්බු මෙන් රතු විය. එහෙත් ඔහු ඇයට ඔහුගේ අවංක ම හැගීම පවසන්න ලැබීම ගැන හිත ඇතුලෙන් සතුටු විය.

හනෙල්ගේ මුහුණ ලැජ්ජාශීලී සිනාවකින් පිරුනා. නිතීෂ් කාරයේ අනික් පස දොර හැර දෙමින් ඇයට කාරයට නගින්නනැයි පවසා අනික් පසින් ඔහු ඔහුගේ ආසනයට ගියහ.

''කොහෙද අපි යන්නෙ? අද?''

හනෙල් කාරයට නැග දොර වසාගනිමින් සිටි නිතීෂ්ගෙන් ඇය මද සිනහවක් දෙමින් ඇසුවා.

''කොහේහරි? ඔයා කැමති තැනක් තියෙනවද? යන්න?''

''එහෙමටත් නෑ. නිදහසක් දැනෙන තැනක් නම් අවුලක් නෑ. සෙනග වැඩිය නැති ව. හැබැයි යන්-''

නිතීෂ් සෙමින් ඇගේ ආසන පටිය පැළද වීමට හනෙල්ට ලංවූයේ ඇය පැවසීමට ගිය දේ ඉතිරි ටික මග නවත්වාලමිනි. ඒවේලේ ඔවුන් දෙදෙනා අතර ම වූයේ හුස්මක දුරකි. හනෙල් ඇගේ හුස්ම රදවා ගනිමින් ඔහු දෙස බලා සිටින්නට විය. නොසිතූ අයුරින් ලංවූ නිතීෂ්ගේ මුහුණට ඇයගේ සුසුම් පොදක්වත් නොවැදීමට ඇය වගබලාගත්තේ ඇගේ හද ගැස්මේ ද වේගය වැඩි කරමිනි. නිතීෂ් ඇගේ ආසන පටිය පළදා ගල් ගැසුණාක් මෙන් ඉදිරිය බලා සිටි හනෙල් දෙස බැලුවා.

Nostalgic DreamWhere stories live. Discover now