Chapter 35

9 2 2
                                    


''අම්මේ...''

''ඒ ළමයව අතාරිනවද?''

මවගේ ඒ ප්‍රශ්නයට ඔහු නිරුත්තර වුණා. ඔහු එම ප්‍රශ්නය බලාපොරොත්තු නොවූවකි. ඔහුට අනුව ඔහුගේ මව එවන් ප්‍රශ්නයක් ඔහුගෙන් මින් පෙර අසා නෑ. කිසි දිනකත් ඔහු කැමති දෙයක් ඇත්නම් එය අතනොහරින්නට යැයි පවසන මව එසේ පවසද්දී ඔහුගේ සිත කලබලවන්නට වුණා. නිතීෂ් ලොකු හුස්මක් ගෙන පහත හෙළා මිසිස් කිම් දෙස කෙලින් බලන්නට වුණා.

''අම්මා එපා කියුවත් මං මගේ හනෙල් ව අතාරින්නෙ නෑ.''

ඔහු මිසිස් කිම්ට තරයේ කියුවා. ඒත් මිසිස් කිම් ඔහු දෙස බලා සිනාසී ඔහුගේ හිස අතගාන්නට වුණා.

''ඇයි අම්මා හිනාවෙන්නේ?''

නිතීෂ්ට ඔහුගේ මව එතරම් බැරෑරුම් ප්‍රශ්නෙකට පසු සිනාසෙන්නෙ ඇයි දැයි ඔහුට ගැටලුවක් වුණා.

''තාත්තා වගේමයි පුතත් හින්දා.''

''ආහ්''

''පුතා නොදන්නවා වුණාට මට මතකයි තාත්තා මගේ ගෙදරට මට කැමතියි කියලා කියන්න ආවා. අපි යාළුවෙලා මුල් කාලෙ වගේ. පුතාලගේ සීයා ටිකක් සැර පාටයි. අම්මතාත්තා. මගේ තාත්තා. මං එක්කම මගේ අතින් අල්ලගෙන ගේ ඇතුළට ආවේ. ඒකත් ආවෙත් නොකියම. මං වෙන්නෙ මොකක්ද කියලත් දැනං වුන්නෙ නෑ. පස්සේ තාත්තා සීයාට එක පාරම කියුවා. මං ඔයාගේ දුවට කැමතී මට එයාව දෙනවද කියලා. අපේ තාත්තාත් එක පාරම මං දිහා ඔරවලා බැලුවා. සීතල යුද්ධයක් වගේ එතන තිබ්බේ. දෙන්නට දෙන්න මූණ බලාගෙන ඉදිද්දී ආච්චි ඇවිල්ලා මාව පැත්තකට අරන් ගියා. අපි දෙන්න පැත්තකට වෙලා බලන් ඉද්දී මට ඇහුණා සීයා මං දැන් ඔයාගෙන් අහපු ප්‍රශ්නය ම තාත්තාගෙන් ඇහුවා. එයා දුන්නෙත් ඔය උත්තරෙමයි. මට ඒක තාත්තව මතක් වුණා. මට ඔය උත්තරෙම දෙයි කියලා හිතුවේ නෑ.''

මිසිස් කිම්ගේ ඇසින් කදුළක් වැටුණා.

''අම්මේ...''

නිතීෂ් මිසිස් කිම් ව තදින් වැළදගත්තා. මිසිස් කිම් ඇහේ රැදිලා තිබුණු වැටෙන්න ඔන්න මෙන්න වෙච්ච කදුළු පටලය පිහිද ගත්තා. ඇය නිතීෂ්ගේ පිට අතගාන්නට වුණා.

Nostalgic DreamWhere stories live. Discover now